Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 50 දක්වා අඩුවෙයි

  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 50 දක්වා අඩුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

 


කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 50 දක්වා අඩුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙන්. බොරලැස්ගමුව හා හංවැල්ල ප්‍රදේශවලින් ආසාදිතයින් 05 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.


කටුනායක ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 16 දෙනා සමගින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 47 ක් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ගම්පහ, ගණේමුල්ල, මීගමුව සහ වත්තල ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනා බැගින් පමණක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.


මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් 49 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 42 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 34 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 19 ක් ලෙස ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 10 දෙනාටත් අඩු සංඛ්‍යාවක්. විදෙස්ගතව සිට මෙරටට පැමිණි 25 දෙනෙකු සමග ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 307 ක් වනවා.


මේ අතර අද දිනයේද කොරෝනා මර්දන එන්නත තෝරාගත් ප්‍රදේශවලදී ජනතාව වෙත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.


එමෙන්ම කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජේ්‍යෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබා ගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කරවා ගැනීමට හැකි බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂිණි දිසානායක පවසනවා.


බාධාවකින් තොරව එලෙස වේලාව වෙන්කර ගත හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

No comments

Ads Place