Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටගල ගුරුවරුන් දෙදෙනෙකුට සහ පාසල් දරුවන් දෙදෙනෙකුට කොවිඩ් 19 අසාදනය වෙයි

  කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුටත්, සිසුවෙකුට සහ සිසුවියෙකුට කොවිඩ් 19 ව...

 


කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුටත්, සිසුවෙකුට සහ සිසුවියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (15) දින ලැබු පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වී තිබෙනවා.  


එම අසාදිතයන් සිව්දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බව ද කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් ප්‍රකාශ කළා.


අසාදිතයන් සිව්දෙනා එම පාසලේ පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නිසා එම අශ්‍රිතයන් ඉකුත් (13) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්,එම

පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම පාසලේ ගුරුවරයෙකුට සහ ගුරුවරියෙකුටත් , 13 වසරේ සිසුවෙකුට සහ 7 වසරේ සිසුවියකට මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.


මේ වන විට එම පාසලෙන් ගුරුවරුන් දස දෙනෙකුට සහ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවයි මහජන සෞඛ්‍යය

පරික්ෂකවරයා කියා සිටියේ.


පාසල් නිවාඩු කාලයේ අසාදිතයන් සිව්දෙනා හදුනාගත් නිසා එම පාසල තාවකාලිකව වසා දැමිමට අවශ්‍යය නොවන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසුවා.

nethnews

No comments

Ads Place