Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැල්ලවායේ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

  වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල තුන්සිය හතර කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් වැල්ලවාය පොලිසියට...

 


වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල තුන්සිය හතර කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවය කර ඊයේ දින ස්ථාන මාරු වීම් ලැබූ පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඔහුගේ දරුවා බරපතළ තුවාල ලබා තිබෙනවා.


අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් සහ තිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පොලිස් සැරයන්වරයෙක්.


අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ පොලිස් සැරයන්වරයාගේ අවුරුදු නවයක් වන පිරිමි දරුවෙකු ද සිට ඇති අතර ඔහු බරපතළ තුවාල ලබා තිබෙනවා.


මෙම අනතුරින් මියගොස් ඇත්තේ කිතුල්කොටේ තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතලිස් නවයක් වන වීරක්කොඩිගේ නිහාල් රත්නසිරි නැමැති පොලිස් සැරයන්වරයෙකු බව කුඩාඔය පොලිසිය පැවසීය.


අනතුරින් පසු තුවාල ලැබූවන් වැල්ලවාය හදපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කලේය.


තුවාල ලැබූ දරුවා මේ වන විට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම සැකකරු අද (16) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරනවා.

nethnews

No comments

Ads Place