Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඉල්ලා අස්කර ගනී

  හිටපු නීතිපති හා හිටපු  අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බව එම කොම...

 


හිටපු නීතිපති හා හිටපු  අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බව එම කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.


මීට අදාළ නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැදවු අවස්ථාවේ දී නඩුවට අදාළ තාක්ෂණික ගැටලු කිහිපයක් මත මෙම නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව අල්ලස් කොමිෂන් සභාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා .


මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව අධිකරනයට දන්වන ලදී .


මොහාන් පිරිස් මහතා නීතිපතිවරයා ලෙසට කටයුතු කළ කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි.

nethnews

No comments

Ads Place