Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතා ගැටලු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න- ජනපති

 ජනතා ගැටලු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍...


 ජනතා ගැටලු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට නියෝග කළේය. පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට ලබාදීමට තීරණය කළ ඒ මහතා එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතයට හානි වන අයුරින් පිරිසක් ක්‍රියා කරමින් සිටින බවට අනාවරණය වී ඇතැයි ද ස්වභාව ධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතු බව ද කියා සිටී.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (06) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමඟ පිළිසඳර” නවවැනි වැඩසටහනට සහභාගී වෙමිනි.


එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකිය නොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම රජයේ අරමුණ බවත් ය.


ඇතැමුන් විවිධ මත ඉදිරිපත් කළ ද තමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වූයේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් නොව වැඩ කළ හැකි පුද්ගලයෙක් බවට සනාථ කර යැයි පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අතරට පැමිණ ගැටලු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බවද දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ මැතිවරණයක් ආසන්න වනවිට බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව මැතිවරණයකට තවත් වසර හතරක් තිබෙන අතර වැඩ කරනවිට ඇතැමුන් විවේචනය කිරීම සාමාන්‍ය දෙයක් බවද හෙතෙම පැවසීය.


ජනතාව අතරට පැමිණ ගැටලු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බවත් වැඩ කිරීම සඳහා ජනතාව අතරට යායුතු බවත් කී ජනාධිපතිවරයා ජනතා ගැටලු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයකු නොමැති බවද පෙන්වා දුන්නේය.

noizetv

No comments

Ads Place