Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිරිඳ වෙන අයකු සමග පැන ගියැයි සිත් වේදනාවෙන් සිටි තිදරු පියා මොළයේ නහරයක් පිපිරී මියයයි

  දරු තිදෙනා හා තමන් අතහැර දමා තම බිරිඳ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන යෑම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වූ තිස් හය හැවිරිදි තිදරු පියකු හදිසිය...

 


දරු තිදෙනා හා තමන් අතහැර දමා තම බිරිඳ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන යෑම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වූ තිස් හය හැවිරිදි තිදරු පියකු හදිසියේ ඇති වූ අධි රුධිර පීඩනයෙන් මොළයෙහි නහරයක් පුපුරා මිය ගොස් ඇති බව තිස්සමහරාම මූලික රෝහලේදී සිදුකරනු ලැබූ හදිසි මරණ පරීක්ෂයේ දී අනාවරණය විය.


මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහරාම එකමුතුගම අඩි සීය පාරේ පදිංචිව සිටි අයෙකි.


මිය ගිය අය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ඉදිරියේ මිය ගිය අයගේ මව හා සහෝදරයකු විසින් ලබා දෙන ලද සාක්ෂිවලට අනුව අනාවරණය වන්නේ මිය ගිය අය නිවසේ නොසිටි මොහොතක මිය ගිය අයගේ බිරිඳ නිවසේ තිබූ සියලූ බඩු මුට්ටත් රැුගෙන මීට සති කිහිපයකට පෙර වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන ගොස් ඇති බවයි.


මින් සිත් තැවුලට පත්ව සිටි මිය ගිය අය බිරිඳගේ මවගේ නිවසට ගොස් නැන්දම්මාට වැඳ දරුවන් ගැන සිතා තම බිරිඳ ගෙදරට එවන ලෙස ඇයට පවසා ආපසු නිවසට පැමිණ පුටුවකට වී කල්පනා කරමින් සිට තිබේ. එහිදී ඔහු බිම ඇදවැටී ඇති අතර එය දුටු මිය ගිය අයගේ සහෝදරයකු සහෝදරයා බීමත්ව සිටිනවා යැයි සිතා නිවසෙන් පිටව ගොස් ඇත.


පසුව මිය ගිය අයගේ මව පැමිණ බලා තම පුතුට කුමක් හෝ සිදුව ඇතැයි සැකකර ඔහු රෝහලට රැුගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු මිය ගොස් ඇති බව අනාවරණය විය.


පසුව මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය පැවත්වූ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කල්පනා කිරීම හේතුවෙන් මොළයෙහි නහරයක් පුපුරා යෑමෙන් මොළයට ලේ වහනය වී මරණය සිදුව ඇති බවය.

noizetv

No comments

Ads Place