Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සුකී සිරගෙට යැවූ මියන්මාර් හමුදා කුමන්ත‍්‍රණය

  ඓතිහාසික වශයෙන් මියන්මාරය හැඳින්වූයේ බුරුමය නමිනි. දීර්ඝකාලීන යුද්ධ කිහිපයකින් පසු 1885 නොවැම්බර් 28 වන දින බුරුමය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය...

 


ඓතිහාසික වශයෙන් මියන්මාරය හැඳින්වූයේ බුරුමය නමිනි. දීර්ඝකාලීන යුද්ධ කිහිපයකින් පසු 1885 නොවැම්බර් 28 වන දින බුරුමය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට සම්පූර්ණයෙන්ම යටත්වන අතර 1948 ජනවාරි 04 වන දින එනම් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීමට හරියටම මාසයකට පෙර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගනී. අනතුරුව ”බුරුමයේ සංගමය’’ නමින් ස්වාධීන ජනරජයක් ලෙස කටයුතු කළ එය ද්වීමණ්ඩල පාර්ලිමේන්තුවක් මගින් පාලනය විය. 1961 වසරේදී බුරුම රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ ”යූ. තාන්ට්’’ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තේරීපත්වන අතර ඔහු අඛණ්ඩව වසර 10 ක් එ.ජා. මහලේකම් ලෙස කටයුතු කරන ලදී. එකී කාල සීමාවේ බුරුම ජාතිකයන් විශාල ප‍්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය ස`දහා බ`දවා ගත් අතර පසු කලෙක බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලකුණ ලෙස සැලකුණ ”අවුන් සාන් සුකී’’ද එයින් එක් තැනැත්තියකි.


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර 14 කට පසු 1962 මාර්තු 2 වන දින ”ජනරාල් නෙ වින්’’ විසින් හමුදා කුමන්ත‍්‍රණයකින් බුරුමයේ බලය අත්පත් කරගන්නා ලද අතර පාර්ලිමේන්තුව අහෝසි කර දමමින් ”විප්ලවවාදී කවුන්සිලය’’ක් මගින් බුරුමය පාලනය සිදුකරන ලදී. පෞද්ගලික ව්‍යවසායන් ජනසතු කරමින් සෝවියට් පන්නයේ සමාජවාදී පාලනයක් පවත්වාගෙන යෑමට ජෙනරාල් නෙ වින් කටයුතු කරනු දක්නට ලැබුන අතර ඒ ස`දහා සෝවියට් ආණ්ඩුවේ සෘජු මෙන්ම වක‍්‍ර අනුග‍්‍රහයද ලැබෙන බව පෙනෙන්නට තිබුණි. හමුදා පාලනයට එරෙහිව විටින් විට පැනනැ`ගුණ විරෝධතා ප‍්‍රචණ්ඩ ලෙස පාලනය කරන ලද අතර 1962 ජූලි 07 වන දින රැංගූන් විශ්වවිද්‍යාලයීය සිසුන් ගේ විරෝධතාවයක් මර්දනය කිරීම ස`දහා හමුදා බලය යෙදවීම හේතුවෙන් සිසුන් 15 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබීය.


දිගින් දිගටම එල්ල වන ජනතා විරෝධතා හමුවේ මිලිටරි පාලනයේ මුහුණුවර වෙනස් කිරීම ස`දහා 1974 වර්ෂයේ නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලද අතර අනතුරුව බුරුමය ”බුරුමයේ සංගමයේ සමාජවාදී ජනරජය’’ යන නමින් හ`දුන්වන ලදී. මිලිටරි පාලකයන් ආණ්ඩුකරණයෙන් ඉවත්ව පක්‍ෂ පාලනයකට ඉඩ සලසන ලද නමුත් රට පාලනය හා සම්බන්ධ විය හැකි වූයේ

”බුරුම සමාජවාදී වැඩසටහන් පක්‍ෂය’’ නමින් හ`දුන්වන ලද දේශපාලන පක්‍ෂයට පමණි.


* 1988 දී සිදුවූ දෙවන හමුදා කුමන්ත‍්‍රණය සහ

බුරුමයේ නම මියන්මාරය ලෙස වෙනස් කිරීම


1988 වසරේ අගෝස්තු 8 වන දින සිදුවූ සුප‍්‍රසිද්ධ ”8888 ජනතා නැ`ගිටීමෙන්’’ අනතුරුව නැවතත් හමුදා කුමන්ත‍්‍රණයකින් නෙ වින් ගේ මිලිටරි පාලනය පෙරළා දමන ”ජෙනරාල් සෝ මුන්ග්’’ පාලන බලය අත්පත් කරගන්නා අතර රටේ යුද නීතිය ප‍්‍රකාශයට පත් කරන ලදී. ජනරාල් සෝ මුන්ග් බුරුමයේ නිල නාමය මෙන්ම අගනුවර ඇතුළු ප‍්‍රධාන අංගයන්වල නම් වෙනස් කිරීමට කටයුතු කළ අතර එතෙක් බුරුමයේ සංගමයේ සමාජවාදී ජනරජය ලෙසින් හැඳින්වූ නාමය ”මියන්මාර සංගමය’’ ලෙසිනුත් අගනුවර වන යැංගූන් වෙනුවට නයිපයිඩව් නම් කිරීමටත් කටයුතු කරන ලදී. නයිපයිඩව් යන නමෙහි තේරුම ”රජවරුන්ගේ නගරය’’ යන්නයි. කෙසේ නමුත් එක්සත් ජනපදය තවමත් නිල වශයෙන් පිළිගන්නේ බුරුමය යන නාමයයි.


* අවුන් සාන් සුකීගේ නැ`ගී ඒම


බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීම ස`දහා සිදුකරන ලද අරගලයේදී බුරුම හමුදාවන් මෙහෙයවන ලද පුද්ගලයා වූයේ ”ජෙනරාල් අවුන් සාන්’’ය. ඔහු බුරුම හමුදාවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන අතර බුරුම ජාතියේ පියා ලෙස ගෞරවයට පාත‍්‍ර වූ ජාතික වීරවරයෙකි. බුරුමයට නිදහස දිනා ගැනීම ස`දහා සිදුකරන ලද අරගලයේ ජයග‍්‍රහණය පෙනි පෙනී තිබියදී 1947 ජූලි 19 වන දින ඔහු ඝාතනයට ලක්විය. ජෙනරාල් අවුන්සාන්ගේ එකම දියණිය අවුන් සාන් සුකීය. 1945 ජුනි 19 වන දින උපත ලද ඇය 1972 වසරේදී ඔක්ස්ෆර්ඞ් සරසවියේ ඉගෙනුම ලබන අවධියේදී ඇතිවූ සබ`දතාවයක් මත ආචාර්ය මයිකල් අරිස් සමග විවාහ වූ අතර පසුව එංගලන්තයේ පදිංචිවී සිටියාය. ආචාර්ය අරිස් ටිබෙට් සංස්කෘතිය හා සාහිත්‍ය පිළිබ`ද විශේෂඥයකු ලෙස සැලකේ. සුකී සහ අරිස් යුවලට පිරිමි දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ නම් ඇලෙක්සැන්ඩර් අරිස් සහ කිම් අරිස් වේ.


1988 වසරේදී බුරුමයේ වාසය කළ සිය රෝගාතුර මව වෙනුවෙන් කැපවීමට සුකී බුරුමය වෙත පැමිණි නමුත් 8888 ජනතා නැ`ගිටීම හේතුවෙන් පිය උරුමයෙන් ආ දේශපාලනයට මුසුවීමට සුකීට සිදුවිය. ක‍්‍රමයෙන් දේශපාලන කරළියේ ප‍්‍රභල චරිතයක් බවට පත්වූ අවුන්සාන් සුකී 1988 වසරේදී ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය’’ පිහිටුවන අතර එහි නායකත්වයටද පත්වූවාය. අවුන් සාන් සුකී තමන්ට බලවත් අභියෝගයක් බවට පත් වන බව වටහා ගත් මිලිටරි ජුන්ටාව 1989 වසරේදී සුකී නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කරන ලදී.


* අවුන් සාන් ගේ සැමියාගේ මරණය


පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අරිස් 1997 දී අවුන් සාන් සුකී මුණගැසීම ස`දහා බුරුමය වෙත යෑමට උත්සාහ කරන ලද නමත් බුරුම මිලිටරි ජුන්ටාව ඉතාමත් අකාරුණික ලෙස එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, එක්සත් ජනපදය මෙන්ම පාප්තුමා ඇතුළු ලොව බොහෝ බලවත් පුද්ගලයන් සහ සංවිධාන බලපෑම් සිදුකරන ලද නමුත් මිලිටරි පාලකයන් සිය ස්ථාවරය වෙනස් කිරීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට සුකීට බුරුමයෙන් පිටවී යෑමට ඉඩ ලබාදිය හැකි බව ඔවුන් පැවසුවත් නැවත සිය මව්බිමට පා තැබීමට ඉඩ නොදෙනු ඇතැයි යන සැකය හේතුවෙන් අවුන්සාන් සුකී බුරුමයෙන් පිටව යෑම ප‍්‍රතික්ෂේප කළාය. පිලිකා රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳි අරිස් 1999 මාර්තුු 27 වන දින සිය බිරි`දගේ මුහුණවත් නොබලාම ඉතා කනගාටුදායක ලෙස මෙළොව හැර ගියේය.


වසර 30 කට ආසන්න හමුදා පාලනයකින් අනතුරුව 1990 වසරේ මියන්මාරය ස`දහා මහමැතිවරණයක් පැවැත්වීමට සෝ මුන්ග්ගේ පාලනය සැලසුම් කළ නමුත් ඒ වන විටත් අවුන් සාන් සුකී සිටියේ නිවාස අඩස්සියේය. කෙසේ නමුත් සිය නායිකාව නිවාස අඩස්සියේ සිටියදී මැතිවරණය ස`දහා ඉදිරිපත්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය මැතිවරණ ආසන 492 න් 392 ක් දිනාගෙන විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්ථා කළ නමුත් බලයෙන් ඉවත්ව යෑම ප‍්‍රතික්ෂේප කළ මිලිටරි ජුන්ටාව හමුදා පාලනය දිගටම ගෙන යෑමට කටයුතු කරන ලදී.


* සුකීට නොබෙල් සාම ත්‍යාගය හිමිවීම


අවුන් සාන් සුකී යැංගූන්හි යුනිවර්සිටි ඇවන්‍යූහි අංක 54 හි පිහිටි ඇගේ නිවසේ, නිවාස අඩස්සියේ ර`දවා තබන අතරතුර ලොව ප‍්‍රමුඛතම දේශපාලන සිරකාරියක් වශයෙන් ඉමහත් ප‍්‍රසිද්ධියට පත් වන්නට විය. 1990 දී අවුන්සාන් සුකීට චින්තනයේ නිදහස ස`දහා ”සකාරොව් ත්‍යාග්‍යය’’ පිරිනමන ලදී. රුසියානු විද්‍යාඥ ”ඇන්ඩ්‍රේ සකාරොව්’’ නමින් නම් කරන ලද එය යුරෝපීය පාර්ලිමේන්තුව විසින් පිරිනමන්නකි. 1991 දී සාමය ස`දහා වන ”නොබෙල් සාම ත්‍යගය’’ ස`දහා අවුන් සාන් සුකී නම් කරන ලද අතර ඒ වන විටත් බුරුමයේ නිවාස අඩස්සියේ සිටි සුකී වෙනුවෙන් එංගලන්තයේ වෙසෙන ඇයගේ පුතුන් දෙදෙනා විසින් ත්‍යාග මුදල භාරගන්නා ලදී. නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදල බුරුම ජනතාව වෙනුවෙන් සුබසාධන අරමුදලක් පිහිටුවීම ස`දහා සුකී විසින් යොදා ගන්නා ලදී. 1999 දී ටයිම් ස`ගරාව අවුන් සාන් සුකීගේ කවරයේ ඡා යාරූපයක් පලකරමින් ඇය හ`දුන්වා දුනනේ ”ගාන්ධිගේ දියණිය’’ ලෙස වන අතර ඇය ”ගාන්ධිගේ ආධ්‍යාත්මික උරුමක්කාරිය’’ ලෙසද හැඳින්වීමට කටයුතු කරන ලදී.


* අවුන් සාන් සුකී නිවාස අඩස්සියෙන් නිදහස් වීම


අවුන්සාන් සුකී 1989 සිට 2010 දක්වා වන වසර 21 ක කාලය තුළ අවස්ථා ගණනාවක් නිවාස අඩස්සියේ තබා ගැනීමට මිලිටරි පාලකයන් කටයුතු කළ අතර මෙම කාලසීමාව තුළ ඇය නිවාස අඩස්සියේ සිටි මුළු කාලසීමාව වසර 15 කට ආසන්නවේ. සුකී නිවාස අඩස්සියෙන් නිදහස් කරන මෙන් සිදුකෙරුණ ජාත්‍යන්තර බලපෑම් හමුවේ 2009 වසරේ මැයි 27 වන දින ඇය නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට නියමිතව තිබියදී මැයි 04 වන දින බලධාරීන්ට නොදන්වා ඇමෙරිකානු පුරවැසියෙකු වූ ”ජෝන් යෙට්ටෝව්’’ හට සිය නිවසේ නවාතැන් ලබාදීමේ වරදට නැවතත් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වරදට ද`ඩුවමක් ලෙසට ඇයගේ නිවාස අඩස්සි කාලසීමාව තවත් මාස 18 කින් දික් කිරීමට මිලිටරි පාලකයන් කටයුතු කරන ලදී. කෙසේ වෙතත් 2010 වසරේ නොවැම්බර් 27 වන දින ඇයගේ දිගුකාලීන රැ`දවුම් කාලසීමාව හමාර කරමින් මියන්මාර හමුදා ජුන්ටාවේ මුර කපොල්ල ඇයගේ නිවස අසලින් ඉවත්කළ වහාම ඇය පිළිගැනීම ස`දහා එහි දිවගිය ආධාරකරුවන් හමුවේ ඇය ප‍්‍රකාශ කර සිටියේ ”මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතා නිදහස වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවයි.’’


2010 වසරේ මහ මැතිවරණයක් පැවැත්වීම ස`දහා මිලිටරි ජුන්ටාව විසින් කටයුතු කරනු ලැබුවත් අවුන්සාන් සුකීගේ නිවාස අඩස්සි කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් ඇයට ඒ ස`දහා ඉදිරිපත්වීමට නොහැකිවීමේ හේතුව මත සුකීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය මැතිවරණය වර්ජනය කළ අතර ඒ හේතුවෙන් පාලක මිලිටරි ජුන්ටාවේ දේශපාලන පක්‍ෂය වූ ”යූනියන් සහයෝගිතා හා සංවර්ධන පක්‍ෂය’’ට 80% කට වැඩි දැවැන්ත ජයග‍්‍රහණයක් හිමිවිය. කෙසේ නමුත් 2012 වසරේදී පුරප්පාඩු වූ ආසන ස`දහා පැවැති අතුරු මැතිවරණයේදී අවුන් සාන් සුකී පළමු වතාවට පාර්ලිමේන්තු ආසනයක් ස`දහා තේරීපත්වූ අතර එහිදී ඇයගේ පක්‍ෂය මැතිවරණය පැවැති ආසන 45 න් 43 ක ජයග‍්‍රහණය හිමිකර ගත්තේය.


* 2015 දී සුකීගේ පක්‍ෂයට ඉතිහාසගත ජයක්


වසර 26 කට පසුව මියන්මාරයේ පැවැති තීරණාත්මක මහමැතිවරණය 2015 වසරේදී පැවැති අතර එහිදී අවුන් සාන් සුකීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය 86% දැවැන්ත ඉතිහාසගත ජයග‍්‍රහණයක් හිමිකරගන්නා ලදී. අවුන් සාන් සුකී ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දෙනු ඇතැයි මියන්මාරයේ මෙන්ම ලොව බොහෝ දෙනාද දෑස් දල්වා බලා සිටි නමුත් එම අවස්ථාව අනපේක්‍ෂිත ලෙස වෙනස් වූයේ මිලිටරි පාලකයන් විසින් මියන්මාර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කළ නීතිමය අවශ්‍යතාවයක් ඊට බාධකයක් වීම හේතුවෙනි. ඊට අනුව සිය ස්වාමියා බිරිඳ හෝ දරුවන් විදේශ පුරවැසියන් වන කිසිදු තැනැත්තෙකුට අගමැති හෝ ජනාධිපති තනතුරු ස`දහා තේරී පත්වීමට හැකියාවක් නැත. මේ හේතුවෙන් සුකී ස`දහා නව තනතුරක් නිර්මාණය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය විසින් කටයුතු කළ අතර එය ”මියන්මාරයේ රාජ්‍ය උපදේශක’’ යනුවෙන් හැඳින්විණි.කෙසේ වෙතත් එම තනතුර අගමැතිවරයකුගේ භූමිකාවට සමානව ක‍්‍රියාත්මක වූ අතර සුකී එකී තනතුරෙහි රැඳී සිටිමින් මියන්මාර රජය මෙහෙයවීමට කටයුතු කළාය. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද ජාත්‍යන්තර සංකේතයක් බවට පත්වුන අවුන් සාන් සුකීගේ පාලනය හමුවේ මියන්මාරයේ පැහැදිලි පරිවර්ථනයක් පිළිබ`ද ජාත්‍යන්තර ප‍්‍රජාව ඉමහත් බලාපොරොත්තු තබා තිබුණද එම අපේක්‍ෂා කෙතරම් දුරට ඉටුවුනේ දැයි යන්න සැක සහිතය. මේ අතර 2017 වසරේදී රෝහින්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් මියන්මාර හමුදාව දක්වන ලද මාරාන්තික ප‍්‍රතිචාරය සුකීගේ ප‍්‍රතිරූපය බරපතළ ලෙස පලූදු කිරීමට හේතු විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් විසින් ”ලෝකයේ වඩාත්ම වෙනස් කොට සැලකූ ජන කොට්ඨාශයක් ලෙස’’ රෝහින්‍යා වැසියන් හැඳින්වූ අතර ලෝකයේ ජනවාර්ගික පිරිසිදුකරණය සම්බන්ධ උදාහරණයක් ලෙස රෝහින්‍යා අර්බුදය එ.ජා. සංවිධානය විසින් හුවා දැක්වීමද සිදුකරනු ලැබේ. මාරාන්තික ප‍්‍රහාර හේතුවෙන් රෝහින්‍යා සරණාගතයන් ලක්‍ෂ ගණනින් බංග්ලාදේශයට පලායන්නට වූ අතර 2020 ජනවාරියේදී ජාත්‍යන්තර අධිකරණය විසින් රෝහින්‍යා වැසියන් ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා මෙන් මියන්මාරයට නියෝග කරන ලදී.


මියන්මාර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එරට හමුදාවට ආණුඩුකරණයේ විශාල බලයක් හිමිවන අතර පාර්ලිමේන්තුවේ ආසනවලින් 25% ක් හමුදා නිලධාරීන් ස`දහා වෙන් කර ඇත. ආරක්‍ෂක, දේශසීමා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ධූර හමුදා ප‍්‍රධානීන් විසින් දැරීම අනිවාර්ය වන අතර උප ජනාධිපතිධූර දෙකෙන් එකක්ද හමුදාව ස`දහා වෙන්කර තිබේ. මේ හේතුවෙන් එරට ආණ්ඩුකරණයේදී නිශේධනීය බලයක් හමුදාවට හිමිව ඇත. 2019 ජනවාරියේදී මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සුකීගේ පක්‍ෂය උත්සාහ දරන ලද නමුත් ඒ ස`දහා අවශ්‍ය වන 75% ක අනුමැතිය ලබාගැනීමට අපොහොසත්වීම මත එම උත්සාහය අසාර්ථක විය.


* 2021 පෙබරවාරි 01 දින සිදුවූ තුන්වන හමුදා කුමන්ත‍්‍රණය


2020 නොවැම්බර් 8 වන දින මියන්මාරයේ මහමැතිවරණය පැවැත්වූ අතර අවුන්සාන් සුකීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජාතික ලීගය පැහැදිලි ජයග‍්‍රහණයක් ලබාගත් නමුත් මිලිටරි අංශයන්හි සහයෝගය ලබන විපක්‍ෂය ඡන්ද දූෂණ පිළිබ`දව ස`දහන් කරමින් මැතිවරණය නැවත පවත්වන මෙන් බලපෑම් සිදුකරමින් සිටියහ. මියන්මාරයේ මැතිවරණ කොමිෂම ප‍්‍රකාශ කර ඇත්තේ සාධාරණ හා නිදහස් මැතිවරණයක් පිළිබ`ද තමන් සෑහීමකට පත්වන බවත් නැවත මැතිවරණක් පැවැත්වීමට කටයුතු නොකරන බවත්ය. අවුන් සාන් සුකීගේ පක්‍ෂය තම ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත්කර තිබුණ අතර ඉන්දියාව, සිංගප්පූරුව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක් නව ආණ්ඩුවට සුභ පැතුම්ද එක්කර තිබුණි.


මේ අතර පසුගිය පළමුවැනිදා අළුයම් කාලයේ යැංගුන් නුවර යුනිවර්සිටි ඇවන්‍යූහි අංක 54 දරන නිවස වටකළ ආරක්‍ෂක හමුදා භට කණ්ඩායමක් අවුන් සාන් සුකී අත්අඩංගුවට ගත් අතර ඇය නයිපයිඩව් නුවර හෙළිදරව් නොකළ ස්ථානයක ර`දවා ඇති බව වාර්තාවේ. සුකී අත්අඩංගුවට ගැනීමට සමාන්තරව ජනාධිපති වින් මයින්ට් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ ජනතා ලීගයේ ජ්‍යෙෂ්ඨ නායකයන් බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ර`දවා තබා ඇති අතර රට පුරා මර්මස්ථානවලට හමුදා ආරක්‍ෂාව යෙදවීමටද කටයුතු කර තිබේ. පසුදා එනම් පෙබරවාරි 2 වන දින උදෑසන නිවේදනයක් නිකුත් කරන හමුදාව මැතිවරණ වංචාවලට ප‍්‍රතිචාර වශයෙන් ජනාධිතිවරයා බලයෙන් පහකිරීමට කටයුතු කළ බවත් වසරක් පුරාවට බලපැවැත්වෙන පරිදි රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කරන බවත් නිවේදනය කළ අතර රාජ්‍යයේ බලය හමුදාවේ ප‍්‍රධානී ”මින් අවුන්ග් හේලින්ග්’’ වෙත භාරදෙනු ලබන බවත් ප‍්‍රකාශ කර ඇත. මුදල්, සෞඛ්‍ය, අභ්‍යන්තර සහ විදේශ කටයුතු පිළිබ`ද අමාත්‍යධූර ස`දහා හමුදා නිලධාරීන් පත් කර ඇති බවත් හදිසි නීතිය අවසන්වූ වහාම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් එම නිවේදනයේ ස`දහන්ය.


* හමුදා ආණ්ඩුවේ මාධ්‍ය වාරණය


ස`දුදා වන විට රටේ සියලූ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාරණයට ලක්කළ හමුදාව ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍යද අවහිර කළ බැවින් සත්‍ය වශයෙන්ම රට තුළ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමේ හැකියාවක් ජාත්‍යන්තර ප‍්‍රජාවට නොතිබුණි. මියන්මාර හමුදාවට අයත් රූපවාහිනි නාලිකාවක් වන ”මයාවඩි ටී.වී.’’ නාලිකාව පමණක් ක‍්‍රියාත්මකව පවතින අතර එමගින් බාහිරට නිනුත්වන තොරතුරුවල සමබරතාවය සහ නිවැරදි භාවය පිළිබ`ද ගැටලූ මතුව තිබේ. ආනයන හා අපනයන පාලන වැරදි සහ නීති විරෝධී ලෙස සන්නිවේදන උපකරණ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අවුන්සාන් සුකී වෙත චෝදනා ගොනුකරන බව පොලිස් ප‍්‍රකාශකයකු බදාදා ප‍්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධ ස්වාධීන මාධ්‍ය වාර්ථා හෙළිදරව් කර සිටින්නේ සුකීගේ නිවසින් අත්අඩංගුවට ගත් වෝකි ටෝකි යන්ත‍්‍ර කිහිපයක් මත මෙම චෝදනා ගොනු කිරීම සිදුකෙරෙන බවයි.


එක්සත් ජනපද නව ජනාධිපති ජෝ බයිඩන් මියන්මාරය ස`දහා දැඩි සම්බාධක පණවන බවට අනතුරු අ`ගවා ඇති අතර සුකී ඇතුළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන මෙන් බලකර තිබේ. එක්සත් රාජධානිය, ඔස්ටේ‍්‍රලියාව සහ යුරෝපා සංගමය හමුදා කුමන්ත‍්‍රණය හෙළා දැක ඇති අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට බලවත් පහරක් බව ප‍්‍රකාශ කර ඇති නමුත් කුමන්ත‍්‍රණය හෙළා දකිමින් ප‍්‍රකාශයක් නිකුත් කිරීමට එ.ජා. ආරක්‍ෂක මණ්ඩලය දැරූ උත්සාහය චීනය විසින් අවහිර කර තිබීම විශේෂ කාරණයකි. කුමන්ත‍්‍රණයට විරෝධය දක්වා වීදි බසින මෙන් සුකී සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් ඊට සැලකියයුතු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව පෙනෙන්නට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වන ජාතික ලීගයේ ප‍්‍රකාශකයකු ප‍්‍රකාශ කර ඇත්තේ සිය පක්‍ෂය විරෝධතා ක‍්‍රියාත්මක නොකරන බවත් සාමකාමී ලෙස අර්බුදය විස`දා ගැනීමට උත්සාහ දරන බවත්ය. කෙසේ වෙතත් යැංගුන් ඇතුළු නගර කිහිපයක හමුදා කුමන්ත‍්‍රණයට විරෝධය පලකරමින් සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැති අතර මිලිටරි ජුන්ටාවට සහාය පල කරමින් පැවැති පෙළපාලීන්ද නයිපයිඩව් ඇතුළු නගර කිහිපයක දකින්නට ලැබුණි. රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් කිහිප දෙනෙක් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ර`දවා තබාගෙන ඇති බවද වාර්තා වේ.

noizetv

No comments

Ads Place