Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අර්බුද මැද ශ්‍රී ලංකා පිල කොදෙව් දේශයට - ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයට වාස්ගෙන් පිළිතුරු

  බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඊට එක්වන එක්දින සහ විස්සයි විස්ස ශ්‍රී ලංකා...

 


බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඊට එක්වන එක්දින සහ විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළ අතර තේරීම් කමිටුවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති පසුබිමක අදාළ සංචිත ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්.


ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර ඇති අතර දසුන් ශානක විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.  ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යාමට පෙර එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් පළ කළා.


කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනුනු වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට සුරංග ලක්මාල් කොදෙව් තරග සංචාරයට කැදවා තිබෙනවා. ආබාධ සහ ශාරීරික යෝග්‍යතාව යන කරුණු මත කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන සහ සන්තුෂ් ගුණතිලක කොදෙව් තරග සංචාරයට නම් කර නැහැ. කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැතුම් නිස්සංක පළමු වරට කොදෙව් තරග සංචාරය සදහා ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්. 


ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරග සංචාරයේදී 20 යි 20 තරග 3 කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට එක් වනවා. දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය මාර්තු මස 4 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතයි. 


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීම් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස් වූ චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයට ට්විටර් සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් ඊයේ දක්වා තිබුණේ කොදෙව් තරග සංචාරය සදහා ශ්‍රී ලංකා පිල පිටත්ව යාමට හෝරා කිහිපයක් ඉතිරිව තිබියදී සිය වැටුප් සහ දීමනා වැඩිකරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් චමින්ද වාස් එම තනතුරින් ඉල්ලා අස් වූ බවයි.


තමන් කාරුණික ඉල්ලීමක් එහිදී සිදු කළ බවත් යුක්තිය ජයගනු ඇති බවයි චමින්ද වාස් ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. චමින්ද වාස් කොදෙව් තරග සංචාරය සදහා පමණක් වේග පන්දු යැවීම් පුහුණුකරු ලෙස පත් කෙරුණු අතර මීට පෙර එම ධුරයේ කටයුතු කළ ඔස්ටේ්‍රලියානු ජාතික ඬේවිඞ් සේකර්ට ලබාදුන් දීමනා තමන්ට ලබාදෙන ලෙස වාස් මෙහිදී ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

nethnews

No comments

Ads Place