Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙකු අත්අඩංගුවට

 ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ රෝපණය කර තිබූ කඩොලාන පැළ ගලවා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු ආරච්චිකට්ටුව ප්...


 ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ රෝපණය කර තිබූ කඩොලාන පැළ ගලවා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආනවිළුන්දාව රැම්සා අභය භූමිය භාරව සිටින වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව් එල් පී බුද්ධික උපනන්ද පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.


සැකකරුවන් විසින් කඩොලාන පැල 1000 ක් පමණ ගලවා දමා ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධිකයි. ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ ඉකුත් දා අලුතින් කඩොලාන පැළ රෝපණය කළා. සැකකරුවන් විසින් ගලවා දමා ඇත්තේ එලෙස සිටුවන ලද කඩොලාන පැළ ප්‍රමාණයෙන් කොටසක්.

No comments

Ads Place