Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

 ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනව...


 ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා. ඒ, දුර පැනීම ඉසව්වෙන්. ඇය දැක්වූ දක්‍ෂතාව මීටර් 4 යි දශම 8 යි 5 ක්. එම ඉසව්වේ 3 වන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී විසින් දිනාගත්තේ මීටර් 4 යි දශම 7 යි 7 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.


මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්ව තිබෙනවා. 


මේ අතර 2018 වසරේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී කාන්තා දුර පැනීම ඉසව්වට එක් වූ උස්බකිස්තාන් ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක ගත් බවට තහවුරුවීම හේතුවෙන් එම ඉසව්වේ රන් පදක්කම 

ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතීට හිමි වුණා.  

nethnews

No comments

Ads Place