Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයෙ හිටපු කොටි නායකයන් සමරයි..

  ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව්, වවුනියාව, මන්නාරම, කිලිනොචිචිය හරහා (07) යාපනයෙන් අවසන් විය...


 ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව්, වවුනියාව, මන්නාරම, කිලිනොචිචිය හරහා (07) යාපනයෙන් අවසන් විය.

අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආම්භ වූ මෙම විරෝධතා පාගමන මඩකලපුව හරහා ත්‍රීකුණාමලයට පැමිණීමෙන් අනතුරව මුලතිව් නගරයට පිවිසියේය. අනතුරුව මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමෙන් අනතුරුව අද (07) කිලිනොච්චියෙන් ආරම්භ වන පෙලපාලිය යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වුණි.

මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙලපාලියක් සහ රථ පෙලපාලියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ද එක් වූහ. එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රීක්කයකින්ම යාපනය පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුනද එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.

උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝණා වෛරසයෙන් මිය යන මුස්ලිම් වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.

විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර ඊට අමතරව සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය හා මෙහෙයවීම සිදුකරනු ලබයි.

මේ අතර නැගෙනහිරින් ආරම්භ කරන ලද විරෝධතා පාගමනට එරෙහිව වව්නියාව මන්නාර සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි සාමාන්‍ය වැසියන් පිරිස් විසින් විරෝධතාවන් සංවිධානය කොට විරෝධතා කරුවන් විසින් පවසා සිටියේ දෙමළ ජනතාව වෙනුවෙන්යැයි පවසා ආම්බ කරන ලද අදාල විරෝධතා පාගමන දෙමළ ජනතාව රවටන දේශපාලනික කුමන්ත්‍රණයක් බවටත් එය උතුරු නැගෙනහිර ජනතාව අනුමත නොකරන බවටත්ය.

No comments

Ads Place