Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් : දෛනික වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි

 ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 787 දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවි...


 ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 787 දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 19,285ක් සිදුකර ඇති අතර, එය දිනකදී මෙරටදී සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව මෙය වනවා.


ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 139 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක්, පුගොඩ ප්‍රදේශයෙන් 24ක්, කඩවත 14ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 108ක් වන අතර අංකුඹුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 48ක් සොයා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.


මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 101ක් වන අතර නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක්, අතුරුගිරිය ප්‍රදේශයෙන් 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


මිට අමතරව කළුතර 66ක්, කුරුණෑගල 65ක්, ගාල්ල 61ක්, මාතලේ 45ක්, රත්නපුර 39ක්, මාතර 23ක්, අම්පාර 18ක්, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 14 දෙනා බැගින් වාර්තා වී ඇත.

nethnews


 


No comments

Ads Place