Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටයිපොයිඩ් දිවයින පුරා ව්‍යාප්තියක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

මේ දිනවල පුද්ගලයන් අතර ටයිපොයිඩ් බැක්ටීරියාව ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවයි. මෙම බැක්ටීරියාව මල අපද්‍රව්‍ය මගි...


මේ දිනවල පුද්ගලයන් අතර ටයිපොයිඩ් බැක්ටීරියාව ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවයි.

මෙම බැක්ටීරියාව මල අපද්‍රව්‍ය මගින් සෑදෙන අතර එම බැක්ටීරියාව ආසාදිත පුද්ගලයකුගේ මලපහවලින් මෙය තවත් පුද්ගලයකුට බෝවිම සිදුවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කරයි.

නිවෙස්වල පිසින ලද ආහාර පරිභෝජනයට නොගන්නා සහ බාහිර ස්ථානවලින් ආහාර ගන්නා ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් බැක්ටිරියාව ආසාදිත පුද්ගලයකු ආහාර පාන සකසා දීමේදී ඔහුගෙන් මෙය තවත් කෙනකුට බෝවීමේ අවධානමක් පවතින බව සදහන් කරයි.

එනිසා නිවෙස්වල පිසින ලද ආහාර පාන ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් බැක්ටීරියාව ආසාදනය වු විට ක්‍රමයෙන් වැඩිවන උණ, හෘද ස්පන්දනය අඩුවීම, වෙහෙසකාරි බව සහ කැස්ස, හිසරදය, මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

No comments

Ads Place