Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බලයට පැමිණි කාරණය ඉටු කළා – ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් සමුගනිමින් කළ කතාව

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමේ කතාව කරන ලදී. එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර සිටියේ ඔවුන් ...

 


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමේ කතාව කරන ලදී.


එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර සිටියේ ඔවුන් බලයට පැමිණි කාරණය ඉටු කළ බවත්, ඊටත් වඩා දේවල් කළ බවත්ය. එමෙන්ම ලෝක ඉතිහාසය තුළ ඇමෙරිකාව සතු විශිෂ්ඨම ආර්ථිකය ගොඩ නැගූ බවද හෙතෙම සඳහන් කළේය.


තම පාලනය මැදි පෙරදිග සාමය ඇති කිරීමට කටයුතු කළ බවත් විශේෂයෙන්ම ගෙවී ගිය දශකය තුළ කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.


ඒ සියල්ලටම වඩා ඇමෙරිකානු රජය සිය ජනතාව වෙත පිළිතුරු ලබා දෙනවා යැයි කියන පාරිශුද්ධ වූ අදහස තම පාලනය විසින් තහවුරු කළ බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටියේය.


ඇමෙරිකාව අමතක කර දමා තිබූ එම අදහස නැවත ඇති කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


එමෙන්ම සිය පාලනය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය නැති වීමට සමාන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා සිටියේය.


“තමන්ගේ සාරධර්ම, ඉතිහාසය සහ වීරයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නා කිසිම ජාතියකට දිගු කලක් දියුණුවට පත්විය නොහැකිය. මක්නිසාද යත්, අපගේ එකමුතුකමේ සහ අපගේ ජීව ශක්තියේ මූලාශ්‍ර මේවාය” යනුවෙන් ද ජනාධිපතිවරයා සිය කතාව තුළින් ජනතාවට පවසා සිටියේය.

noizetv

No comments

Ads Place