Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගෙන් හා අගමැතිගෙන් අමෙරිකානු නව ජනපති බයිඞ්න්ට සුබ පැතුම්

  අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ජෝ බයිඞ්න්ට හා උප ජනාධිපති කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද ර...

 


අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් ජෝ බයිඞ්න්ට හා උප ජනාධිපති කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අමෙරිකාවේ නව නායකත්වයට සුබ පැතුම් එක් කරන බවයි. අමෙරිකාවේ නව නායකත්වය යටතේ ද්වි පාර්ශවීය සබ`දතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙනවා.


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා ජනතාව සහ රජය වෙනුවෙන් අමෙරිකාවේ නව ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරියට සුබ පැතුම් එක් කරන බවයි. දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.





No comments

Ads Place