Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…

  කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඉන...

 


කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.

සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

No comments

Ads Place