Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ ඉඩම්වල ගැටලු නිරාකරණයට විශේෂ පොලිස් ඒකකයක්

  ඉඩම් අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩම්වල දිර්ඝ කාලයක් තිස්සේ පවතින අයථා ලෙස ඉඩම් පර...

 


ඉඩම් අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩම්වල දිර්ඝ කාලයක් තිස්සේ පවතින අයථා ලෙස ඉඩම් පරිහරණය, භාවිතය හා බැහැර කිරීම් ආදි ගැටලු රාශියක් විමර්ශනය කොට නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍යංශය යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවා තිබේ.


මෙම විශේෂ පොලිස් ඒකකයේ විමර්ශන හා ව්‍යාපෘති අධ්‍යක්ෂ‍ ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පත් කර තිබෙන අතර සහ සහකාර පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්. ජයපත්ම මහතා විමර්ශන නිලධාරියකු ලෙස පත් කර ඇති බව ඉඩම් අමාත්‍යංශය සඳහන් කරයි. ඊට අමතරව පොලිස් පරීක්ෂකවරුන් දෙනෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම විමර්ශන ඒකකය සඳහා යොදවා ඇත. මෙම විශේෂ පොලිස් ඒකකය සම්බන්ධයෙන් අඳහස් දැක්වූ ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩම් අක්කර දහස් ගණනක් විවිධ පුද්ගලයන් හා වතු සමාගම් අයථා ලෙස භාවිතා කරන බවයි.


කිසිඳු දේශපාලන හා වෙනත් බලපෑමකින් තොරව ඒවා පිළිබඳ සොයා බලා එම ඉඩම් නැවත අත්පත්කර ගෙන සෞභාග්‍යයේ දැක්ම අනුව සංවර්ධනය කිරීමට හා ඉඩම් නොමැති ජනතාවට සාධාරණව ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.


පසුගිය 2001 – 2004 සහ 2015 – 2020 යන කාල වකවානුවල පැවති ආණ්ඩු විසින් දේශපාලන අවශ්‍යතා මත සිය හිතවතුන්ට ඉතා අඩු මුදලකට ඉඩම් බැහැර කරමින් අයථා ගණුදෙනු රාශියක් සිදු කර ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අදාළ විමර්ශන ඒකකය විවෘත කිරීමෙන් පසුව ඉඩම් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා මේ අඳහස් පළ කළේය.


එම අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ. ඒ. කේ රණවක, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිලන්ත විජේසිංහ, විධායක අධ්‍යක්ෂ ඩි.කේ.ඩි. දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

noizetv

No comments

Ads Place