Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ කණ්ඩායම කොවිඩ් පරීක්ෂණයට කලින් කොකේන් පරීක්ෂාවකට එන්න – මධුර විතානගේ

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට කොවිඩ් පරීක්ෂණයට පළමුව හැ...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට කොවිඩ් පරීක්ෂණයට පළමුව හැකි නම් කොකේන් පරීක්ෂාවකට එන්නැයි  තමා අභියෝග කරන බව ඊයේ (20 ) පාර්ලිමේන්තුවේදී පැවැසීය.


ඒ සඳහා තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකඟ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


වැඩිදුරටත් අදහස් දැක් වූ විතානගේ මන්ත්‍රීවරයා මෙසේද කීය.


ජනාධිපතිතුමා කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නෑ. අනුන්ගේ පවුල්වලට හොටදාලා නෑ. අනුන්ගේ පවුල් අරගෙන රටරටවල්වලට පැනලා ගිහිල්ලා නෑ. කවදාවත් අනුන්ගේ පවුල්වලට එඹිකම් කරපු නැති හොඳ නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.


අපි නයිට් ක්ලබ් ගිහිල්ලා කොකේන් ගැහුවේ නෑ. විශේෂයෙන්ම මේ කොරෝනා පරීක්ෂාව නෙවෙයි කරන්න ඕනා.කොකේන් ටෙස්ට් එකයි. හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට ඉල්ලා සිටිනවා. එන්න කොකේන් පරීක්ෂාවට ඉදිරිපත් වෙන්න කියලා.

noizetv

No comments

Ads Place