Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය විදෙස් ඇමති අද දිවයිනට

 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශන්කර අද පස්වරුවේ දිවයිනට පැමිණෙනවා.  ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණ...


 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශන්කර අද පස්වරුවේ දිවයිනට පැමිණෙනවා. 


ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන අතර නව වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණෙන පළමු විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයා වන්නේ ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයායි. එමෙන්ම නව වසරේ ඔහුගේ ද පළමු විදෙස් සංචාරය මෙය බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ.


සිය සංචාරය අතරතුර ආචාර්ය එස් ජයශන්කර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.  


ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එම ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය සංවිධාන කර ඇත්තේ එයාර් බබල් හෙවත්, ජෛව ආරක්ෂක බුබුළු සංකල්පයට යටත්වයි.

No comments

Ads Place