Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

 නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ කෙරෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. අද සිට ...


 නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ කෙරෙනවා.


පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. අද සිට පාර්ලිමේන්තුවේ සියලූ දෙපාර්තමේන්තු හා කාර්යාල ද විවෘත කර තැබීමටයි තීරණය කර ඇත්තේ.


සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමෝපායන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ද අද සිට අවස්ථාව හිමිවනවා. පාර්ලිමේන්තුව වාර්තා කළ මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු වාර්තාකරණය තාවකාලිකව අත්හිටවූවා.


ඒ අනුව අද සිට මාධ්‍යවේදීන්ට යළි එම අවස්ථාව හිමිවන්නේ කොන්දේසි කිහිපයකට යටත්වයි. පාර්ලිමේන්තුවට කැඳවන මාධ්‍යවේදීන් සීමාකර ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ගැවසිය හැකි ස්ථාන ද සීමාකර තිබෙනවා. කෙසේවෙතත්, මහජන ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇති. 


පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවේ ඉකුත් කාලයේ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් අතරින් අහඹු ලෙස PCR පරීක්ෂණ රැසක් සිදුකළ ද කිසිඳු කොරෝනා ආසාදිතයෙකු හමුනොවූ බවයි.


ඒ අනුව අද සිට යළි ආරම්භ වන පාර්ලිමේන්තුවේ කටයුතු ජනවාරි 08 වනදා දක්වා කි‍්‍රයාත්මකයි. අද දිනයේ පළමු කටයුත්ත ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. උන්වහන්සේට විපක්ෂයේ 20 වන අසුන හිමිවනු ඇති. 


ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිවන්නේ සි වී විග්නේෂ්වරනට වම් පසින් ඇති අසුනයි. කෙසේවෙතත්, විපක්ෂයේ පළමු පෙළ 17 වන අසුන, නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසියේදීද, හිස්ව පවතිනු ඇති.


ඒ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට කිසිවෙකුත් මෙතෙක් නම නොකිරීම හේතුවෙන්. 


එමෙන්ම මරණ දඬුවම නියම වි සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර ද අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි. ඊට පෙර ඔහු PCR පරීක්ෂණයකට ලක්කර ඇති අතර පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඔහුට ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

No comments

Ads Place