Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පකිස්තානයත් ණය අර්බුදයක

 පකිස්තානය දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආයතනය සදහන් කර ඇත්තේ මේ වන විට...


 පකිස්තානය දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


එරට ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආයතනය සදහන් කර ඇත්තේ මේ වන විට පකිස්තානයේ ණය අනුපාතය දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට සියයට 107 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.

 

එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යමින් තිබෙන බවත් මේ හේතුවෙන් එරට ආර්ථිකය කඩාවැටීමට ලක්විය හැකි බවත් පකිස්තාන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආයතනය ප්‍රකාශ කර තිබේ.


මේ පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එරටට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 6 ක ණය මුදලක් අත්හිටුවා ඇති බවද සදහන්වේ.


චීනයෙන් ලබාගත් කෙටිකාලීන සහ සංවර්ධන ණය රටෙි ණය අර්බුදයට ප්‍රධාන හේතු⁣වක් බව පකිස්තාන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


කෙසේවෙතත් සිංගප්පූරුව කේන්ද්‍රකර⁣ගත් රාජරත්නම් පර්යේෂණ ආයතනයට අනුව පකිස්තානයේ චීන ණය ප්‍රතිශතය සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 15 ක් පමණ වේ.

No comments

Ads Place