Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහා රාත්‍රියේ ලාබාල රූමත් බිරිඳ 20 හැවිරිදි සිසුවකු නිවසට ගෙන්වාගෙන නැටූ නාඩගම සැමියාට අතේ මාට්ටු

  තමා නිවසේ නැති අවස්ථාවලදී තම රූමත් ලාබාල විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ විසි හැවිරිදි සිසුවකු බව කියන අයෙකු එළව එළවා පිහි පාරවල් ...

 


තමා නිවසේ නැති අවස්ථාවලදී තම රූමත් ලාබාල විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ විසි හැවිරිදි සිසුවකු බව කියන අයෙකු එළව එළවා පිහි පාරවල් එල්ල කළ බව කියන සන්නිවේදන කටයුතු පිළිබඳ ඉන්ජිනංජිනේරුවරයකු රුපියල් පන්දහසක ඇප මත සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.


කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට පැමිණ වූ හතළිස් නව හැවිරිදි ඉංජිනේරුවරයා වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සංනිවේදන සහ සංගීත කටයුතු බාර ඉංජිනේරුවරයෙකි . ඔහු කටාන සිට වෙන්නප්පුවේ සේවයට ගොස් නිවසට පැමිණෙන්නේ සඳුදා අලූයම් කාලයේ දීය.


මොහු මෙම සිද්ධිය සිදුවූ දින රාත්‍රී 10ට පමණ නිවසට පැමිණ ඇති අතර නිවස තුළින් නැගෙන කසුකුසු පිළිබඳ සැක කර නිවසේ දොර අරින ලෙස තම බිරිඳට දැනුම් දී තිබෙනවා. එම අවස්ථාවේ නිවසේ පිටුපස දොරින් තරුණයකු පැන යන දැක ඔහු පසුපස ඉංජිනේරුවරයා හඹා ගොස් තිබෙනවා. එහිදී මෙම පිහියෙන්ම සිදුවී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ .


සැකකාර ඉංජිනේරුවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා එම සිද්ධිය සත්‍ය බව කියන තොරතුරු අධිකරණය හමුවේ පැවසූ අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර ට ඇප නියම කරනු ලැබුවාය.

noizetv

No comments

Ads Place