Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා…

බේරුවල ප්‍රාදේශීය සභාවේ තවත් මන්ත්‍රීවරයකු ඇතුළු දර්ගානගරය පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ...


බේරුවල ප්‍රාදේශීය සභාවේ තවත් මන්ත්‍රීවරයකු ඇතුළු දර්ගානගරය පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම පිරිස් හඳුනා ගෙන ඇත්තේ ඉකුත්දා දර්ගානගරයේදී සිදුකළ සමූහ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල වලින් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සදහන් කළහ.

බේරුවල ප්‍රාදේශීය සභාවේ කොවිඩ් ආසාදිත තෙවැනි මන්ත්‍රීවරයා ලෙස හමු වූයේ මෙම පුද්ගලයා වන අතර මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 103 දෙනෙකු බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තව දුරටත් පැවසීය.

මෙයට පෙර බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක කොවිඩ් ආසාදිතව හමුවී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

lankacnews

No comments

Ads Place