Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් මාස තුනකින් මධ්‍යම අධිවේගය කුරුණෑගල දක්වා දිගු වේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තවත් මාස 03 ක් ඇතුළත අවසන් කිරීමට හැකි වනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.  එම අමා...


මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තවත් මාස 03 ක් ඇතුළත අවසන් කිරීමට හැකි වනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. 


එම අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදි කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.


ඒ අනුව බොහෝදුරට ලබන වසරේ මාර්තු මාසය වනවිට මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වනු ඇති බවටයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විශ්වාසය පළ කළේ.


මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් පෙරේදා ආරම්භ කෙරුණා. එම කොටසේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ.


එම ඉදි කිරීම් මහාමාර්ග අමාත්‍යාංශයේ මග නැගුම ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක කිරීමට ද තීරණය කර තිබීම විශේෂත්වයක්. 

2 comments

Ads Place