Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන යලි ඉහළට

  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් යළි ඉහළ ගොස් තිබෙනවා. ගතවු පැය 24 දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 580 දෙනාගෙන් 2...

 


කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් යළි ඉහළ ගොස් තිබෙනවා. ගතවු පැය 24 දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 580 දෙනාගෙන් 228 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්.


කෙසේවෙතත්, පෙරදිනවලට සාපේක්ෂව ගතවු පැය 24 තුළ කොළඹ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් පරිභාහිරව වීම කැපී පෙනෙන සිද්ධියක්. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 99 දෙනෙකු වාර්තා වන්නේ අවිස්සාවේල්ල. කුරුඳුවත්තෙන් ආසාදිතයින් 29 දෙනෙකු, කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 26 දෙනෙකු හා මරදානෙන් ආසාදිතයින් 21 දෙනෙකු බැගින් ඊයේ වාර්තා වී තිබෙනවා. 


පෙරේදා දිනයේ ආසාදිතයින් 03 දෙනෙකු පමණක් වාර්තා වූ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අළුතින් ආසාදිතයින් 108 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 49 දෙනෙකු මහර බන්ධනාගාරයෙන්ද, 15 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන් ද වාර්තා වනවා. කඩවත ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 50 දෙනෙකු හා කටුනායක ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 


මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු හා ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු බැගින් ගතවූ පැය 24 තුළ වාර්තා වන බවයි කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය අද පැවසුවේ. 


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණ මේවනවිටත් කි‍්‍රයාත්මක බවයි. 


වැල්ලම්පිටිය පොලිස් බල ප‍්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන හුදෙකලා තත්ත්වයෙන් කෙරුණා. කෙසේවෙතත්, තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ 02 කට අද සිට සංචරණ සීමා පැනවීමටයි තීරණය කෙරුණේ.


මේ අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.


අද උදෑසන 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුම්වලදී එම පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා වූ කාලය තුලදී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1740 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

No comments

Ads Place