Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියලූ සැමරුම් නිවසට සීමා කරන්නැයි ජනතාවට උපදෙස්

  අසිරිමත් නත්තල, අද මැදියම් රැයෙන් උදාවුවද, වෙනත් වසරවලට වඩා ලොව පුරා හාත්පසින් වෙනස් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ලොවම වසා ගත් තවමත් නිසි උත...

 


අසිරිමත් නත්තල, අද මැදියම් රැයෙන් උදාවුවද, වෙනත් වසරවලට වඩා ලොව පුරා හාත්පසින් වෙනස් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ලොවම වසා ගත් තවමත් නිසි උත්තරයක් නැති කොරෝනා ගැටළුව හේතුවෙන්. වෙනත් වසරවල නත්තල උදාවීමටත් පෙර වීථි පිරීයන ජනතාව ද, මෙවර දක්නට ලැබුණේ නැහැ. 


ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල  තත්ත්වය ද ඊට සමානයි. කෙසේවෙතත්, වෙනත් වසරවල නත්තල වෙනුවෙන් පිරී ඉතිරී යන සැමරුම් ඒ අයුරින්ම මෙවර නැතත්, නත්තල වෙනුවෙන් සිදුකරන සැමරුම් වෙනුවෙන් ජනතාව සීමාසහිතව හෝ මේවනවිට එක්වෙමින් සිටිනවා. 


නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල නිවාස ආශි‍්‍රතව ඉදිකෙරෙන නත්තල් සැමරුම් වෙනදා මෙන්ම දැකගත හැකි බවයි. වෙනදාට දේවමෙහෙය සඳහා රාති‍්‍රයේ දේවස්ථානවල පිරී ඉතිරී යන ජනතාවට මෙවර එම අවස්ථෘව හිමිවන්නේ නැහැ. නිවෙසට සහ පවුලේ සමීපතමයින්ට පමණක් සීමා වූ, භාහිර සැමරුම්වලින් තොර, සැබෑ අරුත හදවතේ රැඳවා ගනිමින් මෙවර නත්තල සැමරීමට මෙරට කිතුණු බැතිමතුන් මේවනවිටත් සූදානම්. 


කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ නිවසේ සියලූදෙනා එක්ව මෙවර නත්තල නිවස තුළම සැමරීම කළ යුතු බවයි. 


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ නිරෝධායන රීති ආරක්ෂා කර ගනිමින් නත්තල මෙන්ම එළඹෙන අළුත් අවුරුද්ද ද සැමරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි. 


නත්තල වෙනුවෙන් පැවැත්වෙන මෙරට ප‍්‍රධාන දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කඳාන සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී අද මධ්‍යම රාතී‍්‍රයේදී පැවැත්වීමට නියමිතයි. දේව මෙහෙය සඳහා සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව 50 කට සීමාකර තිබෙනවා.  


ලොවපුරා රටවල් රැසක් මේවනවිටත් කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබුණද, නත්තල් සැමරුම් සිදුකිරීමට අමතක කර නැහැ. ඒ අතරින් වතිකානයේ නත්තල් සැමරුම් ද විශේෂයි. මේ, ඒ පිළිබඳ පැහැදිළි කරන වතිකානයේ සිටින නෙවිල් ජෝයි පියතුමන්. 

No comments

Ads Place