Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් නව ප‍්‍රභේදය ගැන අනවශ්‍ය බියක් එපා - සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්නැයි විශේෂඥයින්ගෙන් උපදෙස්

 ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැ...


 ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. 


අදාළ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, බැලෙන විශේෂ පරීක්ෂණය සිදුකරන්නේ ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම තුළින් නව ප‍්‍රභේදයෙන් ද ආරක්ෂා විය හැකි බවයි ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


කෙසේවෙතත්, ලොව පුරා පැතිරෙමින් ඇති කොරෝනා නව ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි පරීක්ෂණ කිරීමට මෙරට තුළ ඇත්තේ සීමිත ආයතන ගණනක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


වරින්වර විකෘති වන මෙවැනි වෛරසයකින් ලෝකය බේරා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල, ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිළි කළා.


මේ අතර කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පවතින අවදානම සලකා ජනතාව ඒකරාශී වන ස්ථාන ඉලක්ක කර ගනිමින් වැඩිවශයෙන් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි. 


බි‍්‍රතාන්‍යයෙන් ආරම්භ වී මේවනවිට ලොව පුරා රටවල් 23 ක පමණ කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය පැතිර පවතිනවා. 

No comments

Ads Place