Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යේමනයේ ගුවන් තොටුපොළට ප්‍රහාරයක් : පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට

  යේමනයේ ඒඞ්න් ගුවන් තොටුපළට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා ...

 


යේමනයේ ඒඞ්න් ගුවන් තොටුපළට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට නව රජයේ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩල සාමාජිකයින් සවුදි අරාබියේ සිට යළි යේමනය බලා ඒඞ්න් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එම බෝම්බ ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා. 


ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතරට අදාළ යානයේ පැමිණි රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් කිහිප දෙනෙකු  ඇතුළත්. කෙසේ වෙතත් ප‍්‍රහාරයෙන් යේමන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට කිසිදු හානියක් සිදුව නැහැ. බෝම්බ ප‍්‍රහාරය හූති කැරලිකරුවන් විසින් සිදු කරන්නට ඇති බවට යේමන අග‍්‍රාමාත්‍යවරයා චෝදනා කරනවා.

No comments

Ads Place