Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තිස් එක රෑ නිරෝධායන නීති කඩන සාද ගැන සොයන්න විශේෂ පොලිස් මෙහෙයුම්

 නව වසරේ උදාව සැමරීම ස`දහා සංවිධානය කර ඇති සාද හා උත්සව සම්බන්ධයෙන් සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලි...


 නව වසරේ උදාව සැමරීම ස`දහා සංවිධානය කර ඇති සාද හා උත්සව සම්බන්ධයෙන් සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රීති උල්ලංගණය කරමින් එවැනි උත්සව හෝ සාද සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවයි. එබැවින් අද දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සහ සිය නිවසට පමණක් සීමා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ අද සහ හෙට කොළඹින් පිටවන බස් රථ ඇතුළු පොදු ප‍්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද විශේෂයෙන් සොයා බැලීමට දැනටමත් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක බවයි.


මේ අතර, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සඳහන් කළේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත‍්‍ර තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබද අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


මේ අතර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ස`දහන් කලේ ඉකුත් 20 වනදා සිට මේ දක්වා සිදුවූ රිය අනතුරුවල කැපී පෙනෙන වැඩි වීමක් සිදුව ඇති බවයි. එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම්ද ඉහල ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

No comments

Ads Place