Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අගමැතිගේ නම අවභාවිත කර කෝටි 215 ක ණයක් ගත් සභාපතිවරයෙකු ගැන තොරතුරු එළියට

  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම අවභාවිත කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණය මුදලක් ලබාගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු සම්...

 


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම අවභාවිත කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණය මුදලක් ලබාගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු අනුරාධපුරයේ සුප‍්‍රකට බස් ව්‍යාපාරිකයෙක්.


මෙම පුද්ගලයා අයවැයට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් අදාළ රාජ්‍ය බැංකුව ද රවටමින් මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු මෙම ණය ලබාගෙන ඇත්තේ දකුණු පළාතේ පිහිටි එම බැංකුවේ ශාඛාවකින් වන අතර බැංකුවෙන් ලබාගත හැකි විශාලතම ණය මුදල වන්නේ ද එම මුදලයි. 


මෙම ව්‍යාපාරිකයා අදාළ ණය මුදල උපයෝගී කරගනිමින් දුම්වැටි විශාල තොගයක් මිලදී ගෙන ඇති අතර අයවැයෙන් පසු එම දුම්වැටි අලෙවි කර රුපියල් බිලියන ගණනක ලාභයක් ඉපැයීම අරමුණ කරගෙන සිට ඇති බවට ද හෙළිවී තිබෙනවා.


ඔහුගේ සැලසුමට අනුව අයවැයට පෙර අග‍්‍රාමාත්‍යවරයා මුණගැසී මෙම ව්‍යාපාරිකයා දිගින් දිගටම අයවැයෙන් දුම්වැටි මිල වැඩිකරන ලෙස ඉල්ලීම් කර ඇති බවට ද වාර්තා වනවා. 


මෙම වංචාව අනාවරණ වීමත් සමග අදාළ පුද්ගලයා අරලියගහ මන්දිරයට, ජනපති නිල නිවසට හෝ කාල්ටන් නිවසට ඇතුළත් කර නොගන්නා ලෙස ආරක්ෂක බලධාරීන්ට අග‍්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්. එමෙන්ම ඔහු මේවනවිට දරණ රාජ්‍ය ආයතනයේ සභාපතිධූරයෙන් ද ඉවත් වන ලෙසට උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ. 

No comments

Ads Place