Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයන් ඉහලට.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

  කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය...

 


කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කටයුතු කර ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමු වු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොවිඩ් වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අවත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා ඇත.

පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂක සේවා කාර්යයලයේදි (03) දින පැවැත්වු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණයට එලඹි බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාණ් පේමසිරි මහතා විසින් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරයාට එ බැව් දන්වා ඇත

No comments

Ads Place