Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තැන තැන වාර්තා වූ කොරෝනා ආසාදිතයින්

  කොරෝනා දෙවන රැුල්ලේ ආසාදිතයින් ගණන 36,000 ඉක්මවා තිබෙනවා.  ඒ, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 674 ත් සමගින්. ඊයේ දිනයේද වැඩිම රෝගීන...

 


කොරෝනා දෙවන රැුල්ලේ ආසාදිතයින් ගණන 36,000 ඉක්මවා තිබෙනවා.  ඒ, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 674 ත් සමගින්. ඊයේ දිනයේද වැඩිම රෝගීන් 174 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.


ඉන් වැඩි ම පිරිස වාර්තා වන්නේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන්. ඒ ආසාදිතයින් 26ක්. මරදාන ප‍්‍රදේශයෙන් 20 දෙනෙකු, දෙමටගොඩ ප‍්‍රදේශයෙන් 18 දෙනෙකු සහ දෙහිවල ප‍්‍රදේශයෙන් 10 දෙනෙකු ලෙස කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වුණා.


ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 153 ක්. ඉන් වැඩිම පිරිස වන 40 දෙනෙකු වාර්තා වන්නේ මහර ප‍්‍රදේශයෙන්. පූගොඩ ප‍්‍රදේශයෙන් 35 දෙනෙකු සහ මීගමුව ප‍්‍රදේශයෙන් 14 දෙනෙකු බැගින් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 4 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 8,919 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.


එම කාලය තුළ කළුතර දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 3,315 ක්. මහනුවර දිස්ති‍්‍රක්කයෙන් 1,515 ක්, රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් 819 ක් සහ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් 645 ක් ලෙස ඉකුත් ඔක්තෝම්බර් මස 4 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ කොරෝනා රෝගීන් වාර්තා වනවා.


මේ අතර හුදකලා කර ඇති ප‍්‍රදේශවල ජනතාවද නිරෝධායන රීතිවලට අනුගත විය යුතු බවයි පොලීසිය පැවසුවේ.

No comments

Ads Place