Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මළානික දෑසට ප්‍රතිකාරයක්

31 හැවිරිදි මා කාර්යාලයේ දී නිතරම වැඩ කරන්නේ පරිගණකය සමඟයි. බොහෝ දිනවල රාත්‍රීයේ දී ද පරිගණකයේ වැඩ කිරීමට සිදුවේ. මාගේ දෑස් වීඩාබර, මළානික බ...


31 හැවිරිදි මා කාර්යාලයේ දී නිතරම වැඩ කරන්නේ පරිගණකය සමඟයි. බොහෝ දිනවල රාත්‍රීයේ දී ද පරිගණකයේ වැඩ කිරීමට සිදුවේ. මාගේ දෑස් වීඩාබර, මළානික බවක් දිස්වන්නේ මා නිතර පරිගණකය සමඟ වැඩ කරන නිසායැයි සිතේ. ඇස් යට මඳක් අඳුරු පැහැයක් ද ගෙන ඇත. ලැබෙන විවේකයේ දී ඇස්වල නීරෝගී පැවැත්මට කළ හැකි දෙයක් තිබේ ද?

බහුතරයක් දෙනා කාර්යාලයේ වැඩ කරන්නේ පරිගණක සමඟයි. ඒ වගේම නිවෙසේ සිට ධදතඪදඥ ඡභඵඪදඥඵඵ එකක් වගේ දෙයක් කරනවා නම් ෆෝන් එක, ලැප්ටොප් එක නිතරම භාවිත කරන්න වෙනවා. තවම ඉගෙනීම් කටයුතු කරනවා නම් ද නිතරම ලැප්ටොප් තිරය නිසා දෑස් වෙහෙසවන්න සිදු වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් නිදහස් වෙලාවට ෆෝන් එක නිතරම භාවිත කරනවා.


ඉතින් මේ හැමදෙයක් නිසාම අපේ දෑස් වෙහෙසට පත් වෙනවා. ච්චපඬ ජඪපජතඥඵ හට ගන්නවා. ඒ වගේ වෙලාවට දෑස්වල ලස්සන යළි ලබා ගන්න නිවෙසේ දී කළ හැකි සරල ප්‍රතිකාර කිහිපයක්ම තිබෙනවා.


පිපිඤ්ඤා පෙති කපා ශීතකරණයේ විනාඩි තිහක් තබා ගන්න. ඉන්පසු පෙති දෙකක් ගෙන ඒවා ඇස් මත මිනිත්තු දහයක් තබාගෙන සිටින්න. ඉවත්කර දෑස් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් බැගින් සතියක් පුරා සිදු කරන්න.


එසේ නැතිනම් තක්කාලිවලින් සත්කාරයක් කරන්නත් පුළුවන්. තක්කාලි යුෂ තේ හැඳී දෙකකට ලෙමන් යුෂ බෑයක් මිශ්‍ර කරන්න. එය ඩාක් සර්කල්ස්වල ආලේප කරන්න. ඇස් තුළ ආලේප නොකර පිටත පැරෙස්සම් සහිතව ආලේප කළ යුතුයි. මිනිත්තු දහයකින් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් කරන්න.


ඔබ භාවිතයට ගත් ටී බෑග් ඇස්වලට හොඳ ප්‍රතිකාරයකි. භාවිත කළ තේ බෑග් ශීතකරණයේ මිනිත්තු තිහක් තබා ශීතකර ගන්න. පියවා ගත් දෑස් මත එවැනි ටී බෑග්ස් දෙකක් මිනිත්තු දහයක් තබාගෙන සිටින්න. පසුව ඉවත් කර දෑස් සෝදා හරින්න.


එසේ නොමැතිනම් හොඳීන් ශීත කළ ආමන්ඩ් කිරි හෝ නැවුම් එළකිරිවලින් පුළුන් කෑලි පොඟවා ගන්න. ඒවා ඩාක් සර්කල්ස් මත තබා ගන්න. මිනිත්තු විස්සක් තිබෙන්නට හැර ඉවත් කර සෝදා හරින්න.


අර්තාපල් යුෂ ඇස්වලට සුදුසුම සත්කාරයකි. අර්තාපල් හොඳීන් බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න. පුළුන් කැබලිවල ඒ යුෂ තවරා ඩාක් සර්කල්ස්වල තබන්න. මිනිත්තු දහයකට පසු සීතල වතුරින් සෝදා හරින්න. ඒ වගේම රාත්‍රීයට නින්දට පෙර කෝමාරිකා ජෙල් හෝ මී පැණි ආලේප කර මිනිත්තු දහයක් පමණ තබා සෝදා හරින්නත් ඔබට පුළුවන්.


මීට අමතරව වැඩ කරන විට මිනිත්තු කිහිපයක් තිරය මතින් දෑස් ඉවතට ගෙන දෑසට විවේකයක් දීම, පරිගණක භාවිතය වෙනුවෙන් සැකසූ උපැස් යුවළක් පැලඳීම හොඳ විසඳුම් බව අමතක කරන්න එපා. ඔබ දවල් දවස පුරා දෑස වෙහෙස වනවා නම්‍ රාත්‍රීයට හොඳ නින්දක් ලැබීමත් දෑසට හොඳ සත්කාරයක්.


මේ සත්කාරවලින් ඔබට වෙනසක් නැත්නම් එය ඇස් පෙනීම සම්බන්ධ ගැටලුවක මූලික ලක්ෂණ විය හැකි නිසා වෛද්‍යවරයෙක් හමු වන්න.


අමතක නොකළ යුතුම කාරණය වන්නේ ඩාක් සර්කල්ස් සහ ඇස්වල මළානික බව ඇති වන්නේ ඔබ දෑස් වෙහෙස වන්නියක නිසායි. ඒ නිසා ඇස් දෙකට විවේකයක් නොදී කෙතරම් සත්කාර කළත් ප්‍රතිඵල ලබා ගැනීමට අපහසු වේවී. ඒ නිසා දෑස්වලට විවේකය අවශ්‍ය බව අමතක නොකරන්න.

No comments

Ads Place