Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නත්තල් කෑම මේසයට හදන්න පහසු කෑම

  නත්තලට තවත් දවස්යි. මේ දවස් දෙක ගෙවෙන්නේ ගෙදර අයට කන්න රස කෑම වේලක් සකසන්න අවශ්‍ය කළමනා තෝරන්නයි. ඒත් පළමුව කළ යුත්තේ හදන්නේ මොනවද කියා තී...

 


නත්තලට තවත් දවස්යි. මේ දවස් දෙක ගෙවෙන්නේ ගෙදර අයට කන්න රස කෑම වේලක් සකසන්න අවශ්‍ය කළමනා තෝරන්නයි. ඒත් පළමුව කළ යුත්තේ හදන්නේ මොනවද කියා තීරණය කිරීමයි.


ඊට පසුව අවශ්‍ය දේවල් එකතුකර ගැනීම පහසුයි. ඒ නිසාම ඔබේ ළඟින් හිඳින තරුණී මේ දවස්වල කෑමට එකතු කරගත හැකි සරල, පහසු කෑම කිහිපයක වට්ටෝරු මෙලෙස ලබාදෙනවා.


දිවා ආහාරයට මෙන්ම රාත්‍රී ආහාර වේල සඳහාත් ගැළපෙන මෙම කෑම වට්ටෝරු ගෙදර අයගේ මනාපය පරිදි සකසා දිය හැකියි.


මෙයට රස බත් වර්ග, නූඩ්ලස් මෙන්ම කොත්තුවක් ද අන්තර්ගතයි. එ වගේම වැඩි වියදමක් නොදරා පහසුවෙන් සකසා ගත හැකි දේවල් එක්කර ගෙන අති නිසා ඕනෑම කෙනෙක්ට මේවා සකසා රස විඳින්නට හැකියි. නත්තල වෙනුවෙන් මෙම රස ආහාර වට්ටෝරු ඔබට තිළිණ කරන්නේ 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ සාමාජිකාවන් කිහිප දෙනෙකි. එසේ නම් ඔබත් පවුලේ සාමාජිකයන් සමඟ නිවෙසේම රැඳී සිටිමින් මේ කෑම සකසා රස බලන්න.



 

උත්සව බතක්  festive rice

අවශ්‍ය දේවල්


බාස්මතී, සුදුරු සම්බා


හෝ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක්


කුකුළු මස් ග්‍රෑම් 200 ක්


ඉස්සො ග්‍රෑම් 200 ක්


දැල්ලො ග්‍රෑම් 100 ක්


කැරට් අල 2 ක් (ශූද්ධකර හැඩේකට කපාගන්න)


ලීක්ස් ග්‍රෑම් 75 ක් (සිහින්ව කපාගන්න)


තළාගත් සුදුලූනු බික් 4 – 5 ක්


සිහින්ව කපාගත් බීලූනු ගෙඩියක්


අඹරාගත් ඉඟුරු ස්වල්පයක්


චිලි පෙස්ට් ටිකක්


බිත්තර 4 ක්


සෝයා සෝස්


ගම්මිරිස් රස අනුව


ලුණු රස අනුව


සාදන ආකාරය


හාල් සෝදා එයට කුකුළු මස් ස්ටොක් (කුකුළු මස් තැම්බූ වතුර) දමා උයාගන්න.


බිත්තර හතරෙන් 3ක් ගෙන ඒකෙන් ඔම්ලට් එකක් හදා ගනිමු.


බිත්තර තුන බඳුනකට දමා ඒකට කහ පාට කලරිං ටිකක් දමන්න. ලුණු හා ගම්මිරිස් ස්වල්පය බැගින් දමා කලවම් කරන්න. දැන් ඔම්ලට් එක හදන්න. එය සැකසූ පසු ළිපෙන් ඉවත්කර ලස්සන හැඩයකට කපා ගෙන පැත්තකින් තියන්න.


කුකුළු මස් හා දැල්ලන් කුඩාවට කපාගන්න. ඉස්සන් ලොකු නම් කපාගන්න. දැන් ලොකු භාජනයක් ළිපේ තියා ඔබ කැමැති තෙල් වර්ගයක් දමා එයට කුකුළු මස්, ඉස්සො, දැල්ලො දමා හොඳීන් බැදගන්න. ළිපේ ගින්දර අඩුකරන්න. සුදුලූනු, ගම්මිරිස්, ඉතිරි බිත්තරය, ලුණු, ඉඟුරු දමා කලවම් කරන්න. සෝයා සෝස් හා චිලි පේස්ට් ටිකක් දමා හොඳීන් කලවම් කරන්න. එයට බත් ටික දමා කලවම් කරන්න. (ළිපේ දැල්ල වැඩි කර ගන්න) හොඳීන් කලවම් කර ළිපෙන් බාගන්න. දැන් ලස්සනට කපා පසෙකින් තැබූ කැරට්, ඔම්ලට්, ලීක්ස් එයට දමා කලවම් කර මේසයට යවන්න. (ඔම්ලට් එකට කහ පාට එකතු කළේ ලස්සන පාටක් ගන්නයි.)

No comments

Ads Place