Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බි‍්‍රතාන්‍යයෙන් තවත් කොරෝනා ප‍්‍රභේදයක් හඳුනා ගැනේ

  කොරෝනා වෛරසයේ තවත් නව ප‍්‍රභේදයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා. එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ, එම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලය...

 


කොරෝනා වෛරසයේ තවත් නව ප‍්‍රභේදයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා. එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ, එම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු මේවනවිටත් ලන්ඩනයෙන් සහ වයඹ දිග එංගලන්තයෙන් හඳුනා ගැනුණු බවයි. නව වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනා, දකුණු අප‍්‍රිකාවේ සංචාරය කරන ලද පුද්ගලයින් දෙදෙනෙකුගේ සමීපතමයින් බවයි අනාවරණ වී ඇත්තේ. 


දකුණු අප‍්‍රිකාවෙන් ද කොරෝනා වෛරසයේ තවත් ප‍්‍රභේදයක් හඳුනා ගැනුණු අතර බි‍්‍රතාන්‍යයෙන් දෙවන වරට හඳුනා ගැනුණු මෙම නව ප‍්‍රභේදය, දකුණු අපි‍්‍රකාවෙන් හඳුනා ගැනුණු ප‍්‍රභේදයට සමාන බවට මේවනවිට සැකපළ වනවා. 


ඒ අනුව නව වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනාගේ සියලූ සමීපතමයින් මේවනවිටත් නිරෝධායනය කර ඇති බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය අංශ පැවසුවා. 


එසේම බි‍්‍රතාන්‍යයේ වෙසෙන යම් පුද්ගලයෙකු පසුගිය සති දෙක තුලදී දකුණු අපි‍්‍රකාවේ සංචාරය කර පැමිණ ඇත්නම් හෝ, එලෙස සංචාරය කරන ලද පුද්ගලයෙකුගේ සමීපතමයෙකු වේ නම්, ඔවුන් වහාම නිරෝධායනයට යොමුවන ලෙසයි බි‍්‍රතාන්‍ය රජය සිය වැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. පවතින තත්ත්වය හමුවේ, බි‍්‍රතාන්‍ය මේවනවිටත් දකුණු අපි‍්‍රකාව සඳහා සංචාරක සීමා පනවා අවසන්. 


මේ අතර බි‍්‍රතාන්‍යයෙන් දෙවන වරට සොයා ගැනුණු කොරෝනා නව ප‍්‍රභේදය, දකුණු අපි‍්‍රකාවේ ව්‍යාප්ත වන ප‍්‍රභේදයට වෙනස් ප‍්‍රභේදයක් වන නමුත්, එම ප‍්‍රභේදයන් දෙකම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ඉක්මනින් සම්පේ‍්‍රෂණය වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය අංශ පැවසුවා. කෙසේවෙතත්, දකුණු අපි‍්‍රකාවෙන් හඳුනා ගැනුණු වෛරස් ප‍්‍රභේදය පිළිබඳ තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි බි‍්‍රතාන්‍ය පර්යේෂකයින් පවසන්නේ.

No comments

Ads Place