Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් RMV ජාවාරමක් - ව්‍යාජ ලියාපදිංචිය ඇති වාහන 700 ක් හමුවෙයි

  මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තවත් වංචාවක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ඉකුත් කාලසීමාවේදී වංචනිකව ව්‍යාජ ලෙස රථවාහන 700 ක...

 


මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තවත් වංචාවක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ඉකුත් කාලසීමාවේදී වංචනිකව ව්‍යාජ ලෙස රථවාහන 700 ක පමණ ලියාපදිංචි කර ඇති බවටයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ අදාළ රථවාහන පිළිබඳ තොරතුරු මේවනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි. දීර්ඝ කාලයක් පුරා මෙම වංචාව සිදුව ඇති බවටයි මේවනවිටත් අනාවරණ කර ගෙන ඇත්තේ. 


මේ අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් පරීක්ෂකවරුන්ට අසීමිත බලයක් ලබාදී ඇති බවත්, ඒ ඔස්සේ සිදුකරන වංචා පිළිබඳවත් නෙත් නිවුස් ඉකුත් දින කිහිපයේම අනාවරණ කළා. එවැනි නිලධාරීන්ගේ බලතල ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම අනාවරණයට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ඊයේ පැවසුවේ. 


නෙත් එෆ් එම් රේඩියෝවේ අනාවරණයන් හා ජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අල්ලස් ලබාගැනීම ඇතුළු විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජනවාරි මස 01 වනදා සිට ස්ථාන මාරුකිරීමට ද  තීරණය කර තිබෙනවා.  

No comments

Ads Place