Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

  පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහ...

 


පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝග‍්‍රෑමයක සිල්ලර මිලද මේ වන විට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවයි එහිදී දැක ගත හැකි වුණේ. 


ඇතැම් ප‍්‍රදේශවල සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 ද ඉක්මවා ගොස් තිබුණා. නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 110කට ආසන්න වී ඇති බවයි වෙළදපොළ චාරිකාවේදී දැක ගත හැකි වුණේ. පාලන මිලට අනුව රුපියල් 100ය ඉක්මවා මිලක් නියම කර තිබුණේ කීරි සම්බා සඳහා පමණයි. මේ වන විට කීරි සම්බා කිලෝවක මිලද රුපියල් 140 ඉක්මවා තිබෙනවා. 


ඉකුත් සමයේ ද දිගින් දිගටම සහල් මිල ඉහල යාමත් සමග සහල් සඳහා පාලන මිලක් පැනවිමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ අනුව සම්බා සහ රතු කැකුළු සම්බා කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසයි නියම කර තිබුණේ. නාඩු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 92ක් විය යුතු බවත් කැකුළු හාල් කිලෝග‍්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 89ක් විය යුතු බවත් එහි දැක්වුණා. එහෙත් එම මිලට සහල් වෙළදපොළේ නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. 


පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් මෙම අර්බුධය නිර්මාණය කර ඇති බවයි. 



ඔහු වැඩිදුරටත් කියා සිටියේ සම්බා සහ කීරි සම්බා හිගයක් ද මේ වන විට වෙළදපොළ තුළ ඇති බවයි. 


මෙරට දෛනික සහල් අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ සම්පූර්ණ කරනු ලබන්නේ සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින් විසින්. ඒ, ඔවුන්ට මහාපරිමාන මෝල් හිමියන් විසින් වැඩි මිලට වී තොග ලබා දීම හේතුවෙන්.


පවතින තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ද අර්බුදයකට මුහුණ පා ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ. ඒ අනුව මේ පිළිබඳ නෙත් නිවුස් සමස්ත ලංකා සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වී කේ රංජිත්ගෙන්ද වීමසීමක් කළා. 



සමස්ථ ලංකා සුලූ හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වී කේ රංජිත වැඩිදුරටත් කියා සිටියේ තම සහල් නිෂ්පාදකයින් සතුව ප‍්‍රමාණවත් වී තොග නොමැති බවයි. 


පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික සේවා අධිකාරියෙන්ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ වැඩිමිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කරන බවයි.

No comments

Ads Place