Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…

  බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට සහභාගි නොවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැ...

 


බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට සහභාගි නොවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වූ උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ දී තම නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණීම සහ ඔවුනට පහර දීමට තැත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ තත්ත්වය මත අකුරු එම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට බාධා ඇතිවිය හැකි නමුත් තම සේවා කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන තුරු එම කටයුතුවලට සහභාගි නොවන බව ද සභාපතිවරයා කියා සිටියේය.

අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූවෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොරෝනා බෝ කිරීම සඳහා කෙළ ගැසීම හේතුවෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments

Ads Place