Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

මාධ්‍යයට ප‍්‍රකාශ ලබාදීමෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කෙරුණේ මාධ්‍ය ප‍්‍රකාශක ධුරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති නිසා බව වාර්තා වනවා. කෙසේවෙ...


මාධ්‍යයට ප‍්‍රකාශ ලබාදීමෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කෙරුණේ මාධ්‍ය ප‍්‍රකාශක ධුරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති නිසා බව වාර්තා වනවා.


කෙසේවෙතත් ඔහු තවදුරටත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයේ කටයුතු කරනු ඇති. මින් ඉදිරියට මාධ්‍යයට තොරතුරු ලබාදෙන්නේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


ඉකුත් සමයේ පරස්පර අදහස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද පැමිණලිි කර තිබුණා. ඉකුත් සමයේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කිරීමට පෙර ඒ පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද දැනුවත් කර නොතිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව පරස්පර අදහස් මාධ්‍ය හරහා නිකුත්වීම වැළැක්වීම අරමුණින් මෙම තීරණය ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. 

nethnews

No comments

Ads Place