Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණේ මීලග මහ ඇමති මමයි..- මුතුහෙට්ටිගම

මීළඟ දකුණු පළාත් සභා මහ ඇමතිවරයා තමන් බව හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි. එළැඹෙන පළාත් සභා මැතිවරණයට තමන් තරඟ වදින...


මීළඟ දකුණු පළාත් සභා මහ ඇමතිවරයා තමන් බව හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

එළැඹෙන පළාත් සභා මැතිවරණයට තමන් තරඟ වදින්නේ මහ ඇමැති ධූරය අපේක්ෂාවෙන් බව ද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීමේ ජනාධිපතිවරයා විසින් බවට ද ඔහු චෝදනා එල්ල කරයි.

නමුත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු කියා සිටියි.

නමුත් ඒ සියල්ල අමතක කර පලාත් සභා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.

lankacnews

No comments

Ads Place