Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ -බූස්ස බන්ධනාගාරයට කොරෝනා ආ හැටි හෙළි වෙයි

සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට නිවාඩු...


සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට නිවාඩු ලබා සිටින සියළු නිලධාරීන් හෙට දිනයේ පෙරවරු අටට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.


බුස්ස බන්ධනාගාරයේ රැුදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය පොකුරෙන් බවට අනාවරණ වී තිබෙනවා. ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවේ පෑළියගොඩ මත්ස්‍ය පොකුරට සම්බන්ධ රැදවියකු හරහා එම වෛරසය අනෙකුත් රැදවියන්ට ව්‍යාප්ත වී ඇති බවට තහවුරු වී ඇති බවයි.


එම බන්ධනාගාරයේ එෆ් වාට්ටුවේ රදවා සිටින රැදවියන් ගණන 77 ක්. ඉන් 44 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කර තිබෙනවා. ගාල්ල හා කළුතර දිස්ති‍්‍රක්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණු ලබන පිරිමි සැකකරුවන් නිරෝධායනය සදහා යොමුකරණු ලබන්නේ බුස්ස බන්ධනාගාරයේ මෙම වාට්ටුව වෙතටයි. 


කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගත් රැුදවියන් සමග සිටි අනික් රැුදවියන් වෙනම ඒකකයක් ලෙස රදවා තබන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දුන් බවයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවේ. 


මේ අතර බුස්ස බන්ධනාගාරයේ තවත් නිලධාරින්, රැදවියන් හා පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට පි.සි.ආර් පරික්ෂණ අද කෙරෙනවා.


මේ අතර බන්ධනාගාර ආශි‍්‍රතව පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නෙත් නිවුස් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගෙන් විමසීමක් කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සදහා දැනටමත් පියවර රැුසක් ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

No comments

Ads Place