Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ වෙලාවෙ රජයට ෆේල් වෙන්න දෙන්න බෑ – රෝසි

රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය‍ ෆේල් වනවා දැකීම...


රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය‍ ෆේල් වනවා දැකීමට තමන් අකමැති බවත්, ඒ නිසා මෙම වසංගත තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් ඇය පෙන්වා දෙනවා.

රජයට පමණක් සියලු වගකීම් ලබා දී රජය විවේචනය කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙන පුරපතිනිය වැඩිදුරටත් පවසන්නේ එක් එක් දේශපාලන අරමුණු පසකෙ තබා සියලු දෙනා රජය සහයෝගය ලබාදිය යුතු බවයි.

කොරෝනා දෙවැනි රැල්ල තුළ මේ දක්වා කොළඹ නාගරික සීමාවෙන් ආසාදිතයන් 4836 ක් වාර්තා වී ඇති අතර නගර සභා සීමාවෙන් 70% ක් පමණ හුදෙකලා කර ඇති බවද රෝසි සේනානායක මහත්මිය පවසනවා. කොළඹ නාගරික සීමාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 28 කි. දෙවැනි රැල්ල තුළ සිදු වූ මරණ ප්‍රමාණයෙන් අති බහුතරයක්ම වාර්තා වන්නේ කොළඹ නාගරික සීමාවෙනි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල මෙන්ම හුදෙකලා කර නොමැති ප්‍රදේශවලද ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත්, වගකීම රජයට ලබාදීමෙන් පමණක් මෙම වසංගතයෙන් ගැලවිය නොහැකි බවත් පුරපතිනිය පවසනවා.

lankaleadnews

No comments

Ads Place