Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා වරාය අඩපණයි.. වරායෙන් පිට නෞකා පෝලිමක්..

කොළඹ වරාය සේවකයන් ගණනාවකටම කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩාල වී තිබේ. මේ හේතුවෙන් වරාය මෙහෙයුම...


කොළඹ වරාය සේවකයන් ගණනාවකටම කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩාල වී තිබේ.

මේ හේතුවෙන් වරාය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්‍රාම ගොස් සිටින වරාය සේවකයන් යළි සේවයට කැඳවීමට සොයා බලන බව වරාය සභාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක් වරාය පිටත නැංගුරම් ලා ඇත්තේ ද මෙහෙයුම් ප්‍රමාද වීමේ හේතුවෙනි.

වරාය සභාපතිවරයා සඳහන් කරන්නේ බහාලූම් ගොඩබෑම යම් ප්‍රමාදයක් ඇති බව සත්‍ය නමුත් එය හැකිතාක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

වරාය සේවකයන් වැඩි පිරිසක් කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචි කරැවන් බවත් ඔවුන් දැනට වෛරස ආසාදන වී හෝ නිරෝදායනයට ලක් කර තිබීම මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු කියා සිටියේය.

lankacnews

No comments

Ads Place