Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුන් සාන් සුකීගේ පක්ෂයට බහුතර බලයක්

පසුගිය අට (8) වැනිදා පැවැත් වූ මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට අවසන්වෙමින් තිබේ. මේවනවිට නිකුත් වී ඇති ඡන්ද විමසීමට අදාළ ප්...


පසුගිය අට (8) වැනිදා පැවැත් වූ මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට අවසන්වෙමින් තිබේ. මේවනවිට නිකුත් වී ඇති ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵලය අනුව එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සු කී යළි ජයගනු ඇති බව වාර්තා වේ.


නවතම මැතිවරණ ප්‍රතිඵල අනුව මියන්මාරයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂය ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට ප්‍රමාණවත් තරම් පාර්ලිමේන්තුවේ ආසන ලබාගෙන තිබේ.

එන්එල්ඩී මේ වන විට ආසන 346 ක් ලබාගෙන ඇති අතර එය ඊළඟ රජය පිහිටුවීමට අවශ්‍ය ආසන 322 ට වඩා වැඩිය.

පාර්ලිමේන්තු ආසන සහ කලාපීය සභා 1,117ක් සදහා නියෝජිතයින් තෝරාගැනිම වෙනුවෙන් දේශපාලන පක්ෂ 91ක අපේක්ෂකයින් 5,639 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටී.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ වුවද විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබුණි.

මෙවර මියන්මාරයේ ඡන්දදායකයින් මිලියන 37.3ක් ඡන්දය භාවිතකිරිම සඳහා සුදුසුකම් ලබා සිටි බව සඳහන් වේ. 

No comments

Ads Place