Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති බන්දුල නිර්දෝශීයි – රු. මිලියන 33,000 රටට අහිමිකොට ජාවාරම්කරුවන් අතට පත්කරන සීනි බදුසහන ලණුව ආණ්ඩුවට දුන්නේ ස.තො.ස සභාපති – ආණ්ඩුව ඇතුලෙන්ම කියයි

පාරිභෝගිකයාට සහන දීමේ මුවාවෙන් සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනයක් ලබා දෙන තීන්දුව ගැනීම සඳහා ආණ්ඩුවේ සර්ව බලධාරී නිලධාරියෙ...


පාරිභෝගිකයාට සහන දීමේ මුවාවෙන් සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 55 ක බදු සහනයක් ලබා දෙන තීන්දුව ගැනීම සඳහා ආණ්ඩුවේ සර්ව බලධාරී නිලධාරියෙකුට උපදෙස් දුන්නේ ස.තො.ස සභාපතිවරයා බවට ආණ්ඩුව ඇතුලෙන්ම චෝදනා එල්ල වන බව වාර්තා වේ.

අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එම සූක්ෂම බදු වංචාවට නිරපරාදේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට මහජනයාගෙන් බැනුම් ඇසීමට සිදු වූ බවය.

එසේ සීනි වලට මහා පරිමානයෙන් වංචා සහගතව බදු සහනයක් ලබා දුන්නද වෙළඳපොළේ සීනි මිල අඩු වූයේ නැත. පාරිභෝගික අධිකාරිය විසින් සීනි සඳහා පැකට් නොකළ සහ පැකට් කළ වශයෙන් රු. 85 සහ රු. 90 ක මිල පාලනයක් පවනා ඇතත් වෙළඳපොළේ සීනි පැකට් මිල නියම කොට ඇත්තේ රු. 140 සිට 145 දක්වා වන මිල ගණන් වලටය.

lankaleadnews

No comments

Ads Place