Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තව සති දෙක තුනක් යද්දී කොළඹ නගර සභා ප්‍රදේශයද කොවිඩ්19 වෛරසය පාලනය කළ ප්‍රදේශයක් බවට පත් කළ හැකියි-ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රයිගම්පුර දේශීය වෛද්‍ය සංගමය විසින් පානදුර කොට්ඨාසයේ සියලූ පොලිස් ස්ථා...


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රයිගම්පුර දේශීය වෛද්‍ය සංගමය විසින් පානදුර කොට්ඨාසයේ සියලූ පොලිස් ස්ථාන වෙත ප‍්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ කට්ටල නොමිලයේ බෙදා දීමේ වැඩසටහනට සමගාමීව ඊයේ (18 දා) හොරණ පොලිස් ස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් පවසා සිටියේ මේ වන විට කළුතර දිත්‍රික්කයේ කොවිඩ්19 වෛරසය පැතිරීම බොහෝ  දුරට පාලනය වී තිබෙන බවයි. දේශබන්දු තෙන්නකෝන් මහතාට අනුව කළුතර දිස්ත්‍රක්කයෙන් හමුවන රෝගීන් සියල්ලම පාහේ හමුවන්නේ නිරෝධායනයට ලක්කර ඇති ප්‍රදේශ වලින් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවන තරම්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා” අද වන විට බස්නාහිර පළාතේ හුදකලා කර තිබෙන සියලූ ප‍්‍රදේශවල දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ක‍්‍රියාත්මක වෙනවා. මේ වන විට වෛරසය අපේ ග‍්‍රහණයට නතු වී අවසානයි. තව සති දෙක තුනක් යද්දී කොළඹ නගර සභා ප්‍රදේශයද කොවිඩ්19 වෛරසය පාලනය කළ ප්‍රදේශයක් බවට පත් කළ හැකියි.” යනුවෙන් පවසා සිටියේය.

මේ වන විට බස්නාහිර පළාතේ පවුල් 10,380කට අයත් පුද්ගලයින් 32,116ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, කොරෝනා වෛසරයෙන් වැඩිම පීඩාව එල්ලව ඇති ර‍ටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය වන බස්නාහිර පළාත ‍එහි බලපෑමෙන් නිදහස් කරගැනීම හැකි ඉක්මණින් සිදුකිරීම අත්‍යවශ්‍යම කටයුත්තක් බවත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරනය කළේය.

මෙම වැඩසටහනෙහි මුලසුන හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාල පීඨයේ පරිවේණාධිපති රයිගම්පුර දේශීය වෛද්‍ය සංගමයේ ප‍්‍රධාන අනුශාසක ලබුගම නාරද හිමියෝ විසින් හෙබවූ අතර කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, හොරණ සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර, බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

lankaleadnews

No comments

Ads Place