Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙ‍ලෙන් විදුලියට නැති සහනයක් පෞද්ගලික බලාගාරයකට

  ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ණයට ලබාදීමට ​නොහැකි බව ප්‍රකාශ කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලික බලාගාරයකට රුපියල් බිලියන හතළිහක ‘‘න...

 



ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ණයට ලබාදීමට ​නොහැකි බව ප්‍රකාශ කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලික බලාගාරයකට රුපියල් බිලියන හතළිහක ‘‘නැප්තා’’ ලබා දීමට තීරණය කර ඇත. 

පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ තුන්වන ඡේදයේ සඳහන් කර තිබූ අංක 03/1274 යටතේ වූ යෝජනා අනුවය. 

මෙම පෞද්ගලික බලාගාරයට මීට පෙරද බිලියන තිහකට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ණයට සපයා ඇති අතර එම මුදල්ද මේ වනතෙක් පියවා නොමැති බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. 

උසස් පෙළ විභාග සමයේ විදුලිය විසන්ධි කිරීමේදී මණ්ඩලය සඳහන් කළේ ණයට ඉන්ධන ලබා දෙන්නේ නම් අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවයි. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අදාළ සමාගම අර්ධ රාජ්‍ය සමාගමක් බවයි.

No comments

Ads Place