Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා

  දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගෙන තිබේ මෙසේ ඝාතනයට ලක්ව...

 


දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගෙන තිබේ

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරන්නේ.

මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.

එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.

අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.

No comments

Ads Place