Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'අරගලයට පල්ලිය ආධාර කලා, බුද්ධාගමට තැනක් තිබ්බෙ නෑ' - කස්සප හිමි

ගාලුමුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයේ බුද්ධාගම තැනක් නොතිබූ බවත් කතෝලික ආගමට ඊට වඩා තැනක් තිබූ බවත් බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති. එම අරගලයට...

ගාලුමුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයේ බුද්ධාගම තැනක් නොතිබූ බවත් කතෝලික ආගමට ඊට වඩා තැනක් තිබූ බවත් බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

එම අරගලයට සම්බන්ධ වූ පළමු භික්ෂූන් වහන්සේ තමන් බව ද පැවසූ උන්වහන්සේ කතෝලික පියතුමන්ලාට එක විදිහට සලකමින් භික්ෂූන්ට වෙන විදිහකට සලකන බවත් කියා සිටිති.

කතෝලික පල්ලිය විසින් අරගලයට ආධාර කළ බවත් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලයට රිංගා එය විනාශ කර දැමූ බවත් උන්වහන්සේ පැවසූහ.

අද වන විට ජනතාවට අරගලයේ එපා වී ඇති බවත් මොන පක්ෂ කිව්වත් මිනිහෙක් අද පාරට නොබහින බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place