Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිලෝව 410යි.තේ දළු කිලෝවකට ඉතිහාසයේ වැඩිම මිල

ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක  හමුවක් වැව...

ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක  හමුවක් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී  හිදී පැවත්විණි.
මෙය සංවිධානය කිරීම සිදුකෙරුණේ ශ්‍රි ලංකා තේ මණ්ඩලය ,තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කලේය.
” මෙරට තේ කර්මාන්තය තුළ මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලම අර්බුධය හැටියට පොහොර සම්බන්ධ ගැටලුව පෙන්වාදෙන්න පුළුවන්. ඒ අනුව සිලෝන් තේ නාමයට විය හැකි හානිය පිලිබදවත් අප බොහොම පැහැදිලිව අවබෝධ කොටගෙන  තිබෙනවා. ඒ නිසා අප විශ්වාස කරනවා ඉදිරි කාලය තුල ඒ ගැටළු කලමනාකරනය කොට ගෙන තේ වගාව ආශ්‍රිත කර්මාන්තය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට හැකිවෙයි කියල.
පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේ  රුපියල අවප්‍රමාණ වීමේ වාසිය මේ වනවිට ගොවියාට ලැබිල තියෙනවා. ඒ අනුව 2019 දෙසැම්බර් මාසයේදී  ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ දළු කිලෝවකට ලැබුනු රුපියල් 80 ක් 85ක් වැනි මුදල මේ වනවිට රුපියල්  250ත් 290ත් අතර අගයක් දක්වා ඉහල ගිහින් තියෙනවා. එක් අවස්ථාවක ඉතිහාසයේ වැඩිම මිල ලෙස දළු කිලෝවක් රුපියල් 410කටත් ගිහින් තියෙනවා.
දළු අස්වැන්න අඩුවීම වගේම අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි අප නිෂ්පාදනය කරන තේ වල තිබෙන ගුණාත්මකභාවයේ විශාල අඩුව. ඒ තත්වයන් ජයගැනීමට අප පසුගිය අවුරුදු දෙකේදී විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරල තියෙනවා. එහෙත් ඒවාටත් විවිධ අභියෝග එල්ල වුනා.
ඒ නිසා ගුණාත්මකභාවයෙන් ඉහල පැල වලට වටිනාකමක් ලබාදීම , නිසි පොහොර සැපයුම ,ශාඛ නඩත්තුව, පාංශු ඛාදනය වැළැක්වීම  හා ජල කලමනාකරනය පිළිබඳව අප මෙහිදී වඩාත් අවධානය යොමු කල වියයුතු වෙනවා.
එමෙන්ම විධිමත් ලෙස දළු කැඩීම හා ප්‍රවාහනයද තේවල ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරගැනීමට ඉවහල් වෙනවා. එනිසා අද පටන් මෙලෙස දිවයින පුරා  කුඩා තේ වතු කර්මාන්තය ආශ්‍රිතව ආරම්භ කෙරෙන ගුණාත්මක තේ දඵ නෙලීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහන තේ කර්මාන්තයේ උන්නතියට හේතු වෙනවා. විවිධ බාධක මැද වුවත්  2021 වසරේදී හොද අපනයනය ආදයමක් තේ, පොල්, රබර්, කුරුදු  ඇතුළු අපනයන බෝග ආශ්‍රිත අපගේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලැබිල තියෙනවා. එය ඩොලර් මිලියන 3.8 ක මුදලක්. තේ වලින් විතරක් එය ඩොලර් මිලියන 1.3 ක මුදලක්. එනිසා මේ දුෂ්කර මොහොතේ අපි හැමෝම පවතින තත්වයන් අවබෝධ කොට ගෙන කටයුතු කලයුතුයි. එහිදී ලෝක වෙලදපොලේ තාමත් හොද ඉල්ලුමක් තිබෙන අපේ තේ කර්මාන්තය හොදින් නඩත්තු කරගෙන නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීම අපේ ආර්ථිකය සරු කර ගැනීමට අප එක්ව කලයුතුම වෙනවා ”
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ  ලේකම්තුමා ඇතුඵ ඒ ඒ ආයතනයන්හි සභාපතිවරුන් අධ්‍යක්ෂකකරුන් ඒ ඒ  ආයතනයන්හි ප්‍රාදේශීය මට්ටමේ නිළධාරින්ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
වැවිලි අමාත්‍යාංශය

 

No comments

Ads Place